spot_img
Friday, March 6, 2026
spot_img

නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයෙන් කුළුණකින් අසීමිත දුමක්

Must read

නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයෙන් එක් කුළුණකින් මින් පෙර නොදුටු ආකාරයේ අසීමිත දුමක් පිටවන බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරයි.

නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයෙන් දිනකට විදුලිය මෙගා වොට් 900 ක් ජාතික පද්ධතියට එකතු වන බව කියති.එම විදුලිය නිෂ්පාදනය කිරීම සදහා ජනන යන්ත්‍ර 03 ක් බලාගාරය තුළ ක්‍රියාත්මක වේ.

මෙම ජනන යන්ත්‍ර අතරින් තුන් වන යන්ත්‍රයට සවි කර ඇති කුළුනෙන් 05 වැනිදා අළුයම සිට සුදු පැහැති අසීමිත දුමක් පිටවන බවට ප්‍රදේශවාසීන් සදහන් කරයි.පෙරවරු කාලයේ සුළං ප්‍රවාහන අනුව මුහුද දෙසට හමා ගිය දුම දහවල් වන විට ගොඩ බිම ප්‍රදේශයට හමා යන්නට පටන් ගත් බවද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ලක් විජය බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කිරීම සදහා පසුගිය දින වල මෙරටට ගෙන්වන ලද ගල් අගුරු ප්‍රමිතියෙන් තොර බවට හෙලිවී ඇත.එම ගල් අගුරු මෙරටට ගෙන්වීමෙන් රුපියල් කෝටි ගනනක අලාභයක් සිදු වී ඇති බවද පසුගිය දිනවල දේශපාලකයින් සහ විශේෂඥයින්  විසින් පෙන්වා දී තිබුණි.

පසුගිය වසරේ මෙරටට ගෙන්වා තිබූ ගල් අගුරු පසුගිය දින කීපය තුළ විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගෙන තිබුණි.මෑතකදී ගෙන්වන ලද ගල් අගුරු භාවිතා නොකර බලාගාරය තුළ ගොඩ ගසා තිබූ බවද ඒ පිළිබදව කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

පෙර ගෙන්වා තිබූ ගල් අගුරු තොග අවසන් වීම හේතුවෙන් මෑතකදී මෙරටට ගෙන්වා තිබූ මතබේදයට තුඩු දී ඇති ගල් අගුරු විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගැනීම ආරම්භ කර ඇති බවට සැකයක් ඇතැයිද ප්‍රදේශවාසීන් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් නොරචෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ ඉංජිනේරුවරයෙකු ගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ එක් ජනන යන්ත්‍රයක හට ගෙන ඇති දෝෂයක් අසාමාන්‍ය දුම පිටවීමට හේතුවක් විය හැකි බවයි.කෙසේ වෙතත් සිදුවී ඇති දෝෂය කුමක්ද යන්න හදුනා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.කෙසේ වෙතත් වර්තමානයේ බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගන්නේ මතබේදයට තුඩු දුන් ගල් අගුරුද යන්න සනාථ කිරීම හෝ ප්‍රතික්ෂ්ප කිරීම ඔහු සිදු නොකළේය.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article