පවතින අධික වැසි කාලගුණය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටක් අද උදෑසන විවෘත කරන ලදී. ඉන් මුදාහැරෙන විශාල ජල කද හේතුවෙන් පුත්තලම මෙන්ම හලාවත යන නගර වල ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකි ප්‍රකාශ කර තිබේ. එමෙන්ම පාදෙණිය අනුරාධපුර මාර්ගය වාරියපොල රිදිබැඳිඇල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමට ද ඉඩඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථාන තොරතුරු වාර්තා කරයි.







