ඉයේ (නොවැ 30 ) හවස ලුණුවිල ප්‍රදේශයේ වියළි සහ නැවුම් සලාක බෙදා හැරීමේ කටයුතුවල නියැලී සිටි SLAF බෙල් 212 හෙලිකොප්ටර් යාන සවස ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමක් සිදු කළ අවස්ථාවේදී අනතුරකට ලක්විය. සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකු ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු එහි සිටියහ. මෙම හෙලිකොප්ටරය ලුණුවිල පාලමට ඉහළින් පහත්කර විට පාලමට නුදුරින් – ලුනුවිල රෝහල ආසන්නයේ මාර්ගය දෙපස ජනයා ගැවසෙන අයුරු හා ඔවුන්ගෙන් සමහරක් එම හෙළකොප්ටරය වීඩියෝ කරන ආකාරයේ දර්ශන සමාජ මාධ්‍යට එසැනින් මුදාහරින ලදී. මෙම කාරණය මුල්කරගනිමින් හෙළිකොප්ටරය ගොඩබෑමට යාමේදී ඇතිවු බාධාවක් නිසා මෙම අනතුර සිදුවූ බවටද සමාජය තුළ යම් කතාබහක් ඇතිව තිබේ. කෙසේ වුවත් මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ නියමුවෙකු වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත් විය. අනතුර සිදුවු අවස්තාවේදී ප්‍රෙද්ශවාසීන්ගේ සහාය ඇතිව, තුවාල ලැබූ සියලුම පිරිස් වහාම ඉවත් කර වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට මාරු කරන ලදී.ජීවිතක්ෂයට පත්වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි, මණ්ඩලයක් පත් කර ඇති අතර ආරම්භ කර ඇති බව www.airforce.lk වාර්තා කර තිබේ.








