spot_img
Friday, March 6, 2026
spot_img

මදුරන්කුලියේ හදලා වෙන්නප්පුවට එන කජු

Must read

උදේනිගේ ගම මදුරන්කුලිය. දැන් අවුරුදු දෙකහමාරක් උදේනි කජු වෙළදාම පටන් අරන්. වෙන්නප්පුව – උල්හිටියාව වැල්ලේ මාලු මාර්කට් එකේ තමයි ඇය වෙළදාම් කරන්නේ. මදුරන්කුලියේ ඉදලා කජු අරගෙන බස් එකේ වෙන්නප්පුවට එන උදේනි ජීවත් වෙන්න විශාල වෙහෙසක් දරන බව ඇගේ මේ කජු වෙළදාම ගැන ඇහුවාම හිතාගන්න පුලුවන්. අද සමාජයේ ජීවත්විම උදෙසා හොද දේවල් වලට වැඩියෙන් නරක දෙවල් සිදුවෙන රටක උදේනි ලා වගේ කාන්තාවන් අන් අයට ආදර්ශයක් වගේම අගය කළයුතුයි.

නම – උදේනි ප්‍රියන්තිකා
වයස 40 යි
කොහොමද මේ කජු වෙළදාම කරන්නේ?
කජු කිලෝ 20-30ක් අරන් අපි දවස් දෙකක් තිස්සෙම මහන්සි වෙන්න ඕනා. වනාතවිල්ලුවෙන් කජු එනවා මදුරන්කුලියේ කඩවල් වලට. අපි ගන්නේ කඩවල් විලින්. අතරමැදියන්ගෙනුත් පස්සේ තමා අපිට එන්නේ.එතකොට මිළ ඉහලයි. කජු තියෙන කාලෙට ගෙවල් විලින් ගිහිල්ලා අපි එකතු කරනවා නම් කජු කිලෝ එක 400-50-600 වගේ තමයි. කොට්ටා කජු කිලෝ හතරාමාරක් ඕනා මේ කජු මද කිලෝ එකක් හදන්න.දැන් අපි ගන්නේ කජු ඇට කිලෝ එක 1300 ගානේ.කජු කිලෝ 4ක් යනවා සුද්ද කජු මද කිලෝ එකක් හදන්න. කජු තියෙන කාලෙට අපේ වෙළදාම කරගෙන යන්න තමයි දැන් වැඩි ගානට හරි අරන් ඇවිල්ලා විකුණන්නේ.දැන් අපි විකුණන්නේ කජු මද 250 රු 1200ට

මේ කජු ගෙදර හදාගන්නවද? – ඔව් මමයි මහත්තයයි තමා කජු කපාගන්නේ.සුද්ද කරන්න එක්කෙනෙක් ගන්නවා.ගලවන්නම කිලෝ එකට රු 100ක් දෙන්න ඕනා. කජු ගෙඩිය කපන්න ඕනා.ඒක ආපහු ලෙල්ලෙන් ගලවන්න ඕනා. හවසට වතුරට දාන්න ඕනා. අගුණුකොල ගමේ ලියන කෙනෙක් ඉන්නවා. එයාගෙන් මම මිටියක් 40ට ගේනවා. 60ට විකුණනවා.

මදුරන්කුලියේ ඉදලා ඇයි වෙන්නප්පුවටම ආවේ වෙළදාමට ?

අපේ ගම්වල සල්ලි දීලා කජු කන්නැ. හැම ගෙදරකම වගේ කජු ගහක් තියෙනවා. කජු තියෙන කාලෙට එයාලා කනවා. වෙන්නප්පුව වගේ පැති වල අය කජු කන්න ආසයි. ඉරිදට කජු උයනවා ඒ නිසා මෙහේ අළෙවිය තියෙනවා. මම ඉරිදට මීගමුවට යනවා. එහෙත් ඉරිදට කජු වෙළදාම් වෙනවා. සතියට දවස් දෙකයි දැනට වෙළදාමට එන්නේ. මෙතනින් කජු දාන වලට ගෙනියනවා. රට ගෙනියන්න කියලා ගන්නවා. ඉරිදට කන්න තමයි ගොඩාක් දුරට ගෙනියන්නේ වෙන්නප්පුවේ කට්ටිය.
කිලෝ දෙකහමාරයි අදත් ගෙනාවේ. යන්නෑ මිළ වැඩි නිසා. වෙළදාම කඩාගන්න බැරි නිසයි අරගෙන එන්නෙ. එතකොට කජු තියෙන කාලෙට ලේසියිනේ.අඩුවට දෙන්න පුලුවන්. කජුත් විකනෙනවා. ඒ කාලෙට 250ක් රු 900ට 1000ට වගේ දෙන්න පුලුවන්.

තාම මැෂින් එකක් ගත්තේ නැද්ද – නැහැ. මැෂින් එකක් ගන්න 280000ක් විතර යනවා. දැන්මම කරන්න බැහැ. ඉදිරියේදී ගන්න හිතන් ඉන්නවා. බිස්නස් එක දියුණු කරගෙන යද්දි කජු වලින් බයිට් කජු , අවන් කජු වගේ හදලා පැකට් කරන්නත් පුලුවන්.
පවුලේ තොරතුරු – මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව මේ අවුරුද්දේ 10 වසරට අතුල් වුනා පුතා නම් පෙර පාසල් යනවා. මහත්තයාත් මේ ව්‍යාපරයට මට උදව් වෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article