පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා පත‍්‍ර භාරදීම සදහා එහි නියෝජිතයින් කුරුණෑගල දිස්ත‍්‍රික්
ලේකම් කාර්යාලය වෙත පැමිණියහ.
එම පිරිසට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්රියදර්ශන යාපා, වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමීන් දයා ශ‍්‍රී යන මහත්වරුන් ඇතුලත් වූ නමුත්
කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවීම විශේෂත්වයක් විය.
.
මාධ්‍යවේදීන් විසින් ඒ පිළිබදව විමසීමේදී අනුර ප්රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ කණ්ඩායමේ උප නායකත්වය දරන්නේ තමන් විසින් බවත් , එබැවින් නාමයෝජනා ලබාදීමේ වගකීම
තමන් විසින් භාරගත් බවය.
කුරුණෑගල තේරීම් භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න වෙත ගිය පිරිස මීට ස්වල්ප වේලාවකට පෙර සන්ධාන නාමයෝජනා පත‍්‍ර භාරදීමෙන් පසුව ආපසු ගියහ.






![slpf [Max Width 2400 Max Height 1800]](http://www.wayambatoday.com/wp-content/uploads/2015/07/slpf-Max-Width-2400-Max-Height-1800-1024x614.jpg)


