spot_img
Saturday, March 7, 2026
spot_img

මහින්ද මෙවරත් කුරුණෑගලින් ඡන්ද සටනට එක්වෙයි !

Must read

 mahinda_awurudu_2017_10

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැද පාර්ලිමේන්තුවට පිවිසියේය.

මේ සඳහා වන නාම යෝජනා පත්‍රයට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. කෙසේ වෙතත් ඔහුට ගම්පහින් තරග කරන ලෙසටද ඉල්ලීමක් පැවැතියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණින් ඔහු මෙවර මැතිවරණයට තරග කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article