spot_img
Friday, March 6, 2026
spot_img

මාදැල්කරුවන්ගේ ප්‍රශ්නය ඉවරද ?

Must read

රජය විසින් ට්‍රැක්ටර් මාර්ගයෙන් මාදැල් ඇදීම තහනම් කිරීමේ තීරණයට විරෝධය දක්වමින් සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමය විසින් දින 09ක් පුරා විරෝධතා වල නිරත විය. මෙම විරෝධතාවය දින 09ක් පුරා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වු මාදැල් කර්මාන්තකරුවන් මුහුණ දී තිබෙන මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය 13 වෙනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සිදුකිරීමෙන් පසුව මෙම විරෝධතාවය අත්හිටවූ අතර, මාදැල් කර්මාන්තයට හානි නොවන ආකාරයට පවත්වාගෙන යන ආකාරය අමාත්‍යාංශ කීහිපයක් සමග සාකච්ඡා කර තීරණ ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනා කරන ලදී. සමස්ත ලංකා මාදැල්කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයා සමග පැවැත්වු සාකච්ඡාවෙන් පසුව මාදැල් කරුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංගමය විසින් පසුගිය 16 වනදා ධිවර අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ  බව සමස්ත ලංකා මාදැල්කරුවන්ගේ සංගමයේ ලේකම් ආර්.ඒ.දිල්රුක් ප්‍රනාන්දු මහතා පැවසූ අතර මෙම සාකච්ඡාවට වෙරළ සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්,මීපා ආයතනයේ නිලධාරීන් සහ නාරා ආයතනයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. එමෙන්ම සංගමයේ උපදේශකවරයෙකු හා වින්ච් නිෂ්පාදකයෙකු වන ජෝශප් පීටර් මහතාද මෙම අවස්ථාවට සහභාගී වි තිබේ. මෙම සාකච්ඡා වල ප්‍රතිපළයක් ලෙස අද සවස මාදැල් ඇදීමේ ස්ථානීය පරීක්ෂණයක් සදහා කාල සීමාවන් යොදාගැනීමට නියමිත බව සංගමයේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු මහතා අප හා පවසන ලදී. ඒ අනුව උතුරු / නැගෙනහිර ප්‍රදේශවලටත් , පුත්තල් දිස්ත්‍රික්කය තුළත් ස්ථානීය පරීක්ෂන සිදුකිරීමට දින යොදාගැනීමට නියමිතය.

https://web.facebook.com/reel/1907967169806372

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article