spot_img
Saturday, March 7, 2026
spot_img

මාරයා ‘විසල්‘ එකෙන්ම එයි !

Must read

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර, කොස්කැලේ තුළදී ඊයේ (17 දා ) උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මීරිගම, තවලපිටිය ප්‍රදේශයේ ආර්. ඒ. පොඩිනිලමේ නැමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.

මුහුණට මුහුණ ලා ගැටුණු යතුරු පැදිය සහ මෝටර් රථය යන දෙකම මාර්ගයෙන් ඉවතට පැන ඒ ආසන්නයේ පිහිටි කාණුවකට පෙරළී ගොස් තිබූ අතර යතුරුපැදිය පොඩිපට්ටම් වී තිබූ අයුරු දැකගත හැකිවිය.

මියගිය තැනැත්තා සිය යතුරුපැදියෙන් අනුරාධපුරය බලා ගමන් කරමින් සිට ඇතැයිද, මෝටර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීම මෙම අනතුර හේතුවන්නට ඇතැයිද ඒ පිළිබද පරීක්ෂණ පවත්වන ගොකරැල්ල පොලිසිය කියයි. අනතුර සම්බන්ධයෙන් වව්නියාව, රම්බකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන මෝටර් රථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල මොහොමඩ් බුහාර්දීන්

අනතුරට පත් යතුරුපැදිය පොඩිපට්ටම් වී තිබූ අයුරුkoskale_2

අනතුර සිදු කළ මෝටර් රථය koskale_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article