ආඩිමුනේ , ආරච්චිකට්ටුව ප්‍රා.ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමයකි. පසුගිය සැප්තැම්බර් 12 වනදා ආරච්චිකට්ටුව ප්‍රා. සභා රැස්වීම අවස්ථාවේදි නාගරික මන්ත්‍රී මරියම් සුබාකරන් (සජබ) විසින් ආඩිමුනේ පුලිචිචිකුලම කොට්ඨශයේ මාර්ග සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් නොකිරීම පිලිබඳව සභාවේ අවධානය යොමුකරන ලදී. පාරවල් පිළිසකර කිරීම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමේදී ආරච්චිකට්ටුව ප්‍රා.සභාව විසින් නොසලකා හැර ඇති ගම්වල ජනතාව ජනතාවට සිදුව ඇත්තේ බලවත් අසාධාරණයක් බව සුබාකරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ආරච්චිකට්ටුව ප්‍රා.ලේකම් කොට්ඨාශය තුළ ඒ අකාරයට පිළිසකර කිරීම වෙනුවෙන් අරමුදල් වෙන්කර නොමැති ග්‍රාමයන් වන්නේ කීරන්කල්ලිය,අක්කරවෙල්ලිය,තාර විල්ලුව,බත්තුලුඔය,බත්තලුඔය උතුර-අගුනුවිල, පුදුකුඩිරිප්පුව, පුලිච්චිකුලම, යන ගම්මානයි. මෙම ගම්මාන වල මාවත් සංවර්ධධනය වෙනුවෙන් ඉදිරියේදීවත් මුදල් වෙන්කරන ලෙස සුබාකරන් මන්ත්‍රීවරයා සභාවට යෝජනා කරන ලදී.

මරියන් සුබාකරන් මන්ත්‍රීවරයා විසින් 2025-08-12 වනදා ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේදී අදහස් දැක්වූ අවස්ථාව.








