ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන ලදි. ඒ මහතා මේ බව කියා සිටියේ එළැඹෙන 26 වන දිනට යෙදෙන මත්ද්‍රව්‍ය විරෝධී දිනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, නව රජයට බලයට පත්වූ 2024.09.23 වන දින සිට අද දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අතර ඒ අනුව මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,253ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,121ක්, ගංජා කිලෝග්‍රෑම් 12,439ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක්, මත්පෙති ලක්ෂ 16ක් සහ ටැබ්ලට් මිලියනයක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.







