විදෙස් රටවල ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
අද(02) වරාය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. මැදපෙරදිග තත්වය හේතුවෙන් එම කලාපයේ ගුවන් ගමනාන්ත හැර අනෙක් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. අද (02) දිනයේ පිටත්වීමට තිබු ගුවන් 65 ක් සහ පැමිණීමට තිබු ගුවන් 60 ක් අවලංගු වී ඇති අතර, බොහෝ ගුවන් කලාප වසා ඇති අතර, තවත් කලාප සීමිත වාර සඳහා පමණක් විවෘත කර ඇත. ඒ අනුව, මැදපෙරදිග සදහා යන සහ එන සියලු ගුවන් ගමන් අද රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇත.
රාත්‍රී 12 න් පසු පසු කටයුතු කරන ආකාරය තීරණය කරන බවත්, මග සිර වී සිටින ගුවන් මගීන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එංගලන්තය, ඇමරිකාව වැනි රටවලට යන ගුවන් ගමන් මැදපෙරදිග Transit හරහා ගමන් කළ අතර, එම ගමන් තුර්කිය හරහා ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡා සිදු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. දැනට ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නැව් වලට බාධා ඇති වී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.නමුත් භාණ්ඩ ප්‍රවාහන නෞකා කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරායවල අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇති බවත් ඒ සඳහා පහසුකම් සැපයීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය. මැදපෙරදිග සහ ගල්ෆ් ප්‍රදේශයේ නාවික ගමනාගමනය අඩාල වීම නිසා, එම ප්‍රදේශ වලට සිදු කරන අපනයන ක්‍රියාවලියට බලපාන බවත්, ඒ අනුව, මැදපෙරදිග කලාපයට යවන තේ වැනි භාණ්ඩ වරායට දැන්ම ගෙනඒමෙන් වළකින ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.







