spot_img
Friday, March 6, 2026
spot_img

මීගමුවේදී මුහුදේ ගිලී මියගිය ධීවරයාගේ අවසන් කටයුතු ඉරණවිලදී

Must read

පසුගිය 10 වනදා මීගමුව ධීවර වරායෙන් පිටත්වූ බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදේ ගිලී අතුරුදහන්වූ අතර ඔහුගේ දේහය පසුවදා (11) වනදා දූව වෙරළට ගොඩ ගසන ලදී. මෙම ධීවරයා මෙම අවසනාවන්ත සිදුවීමට මුහුන දුන්නේ බහුදින යාත්‍රාව පිටත්වී සුළු වෙලාවකින් පසුව , මෝරවල මුහුදු ප්‍රෙද්ශයේදි  යාත්‍රාෙව්  උරයක් පැටලීම හේතුවෙන් එය ඉවත්කිරීමට මුහුදට බැසීමේදීය. ඔහු මුහුදේ ගිලී අතුරුදහන්වීමට පෙර යාත්‍රාවෙන් පිහියක් වැනි ආයුධයක්ද ඉල්ලාගෙන මුහුද යටට බැස ඇති අතර ඉන්පසු ගොඩට එන්නට නොහැකිවී තිබේ. මෙම ධීවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂනය පසුගියදා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් පැවැත්වූ අතර එහිදී සනාථ වී තිබුණේ ඔහුගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ මොහුට දිය යටදී කිසිදු රෝගී තත්ත්වයක් ඇතිවීමෙන් මෙම මරණය සිදුවී නොමැති බවත් , යාත්‍රාෙව් පොප්ලරයේ පැටලුන යමක් බේරා නැවත දිය මතුපිටට පැමිනිමේදී ඔහුට යම් බාධාවක් ඇතිවි ඇති බවයි. සාමාන්‍යෙයන් ධීවර කටයුතු වල නිරත වන ධීවරයින්ට පිහිනීමට හැකියාවක් ඇති අතර මෙම සිදුවීමට මුහුණ දුන් සිසිර කුමාර මහතාටද පිහිනීමට හැකි බව තොරතුරු වාර්තා වේ. කෙසේ වුවත් ඔහුගේ දේහයේ අවසන් කටයුතු පසුගිය 13 වන සිකුරාදා බටහිර ඉරණවිලදී සිදුකරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article