පසුගිය ජුනි මාසයේ තරුණ දේශපාලන නායකයින්ගේ ඉන්දියානු සංචාරයට සහභාගී වූ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු බැන්ග්ලෝරයේ ISRO ආයතනය නැරඹීමට අවස්ථාව ලද අතර එහිදී අභ්‍යාවකාශ තරණයට අමතරව ඉන්දියාවේ ධීවරයින්ට මහ මුහුදේදී සිදුවන ආපදා චන්ද්‍රිකා තාක්ෂණයෙන් වැලැක්වීම සඳහා යොදාගන්නා DAT-SG (Distress Alert transmitter – Second Generation) පද්ධතිය ඔවුන් නිර්මාණය කර සාර්ථකව භාවිතා කරන බව දැනුවත්වී තිබේ.
ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යනය කිරීමෙන් පසු පසුගිය 06 වනදා ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝශ් ජා මහතා මුණගැසී එම තාක්ෂණය ශ්‍රී ලංකාවේ ධීවරයින් වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන ලෙසත් අත්හදා බැලීම් කටයුතු පුත්තලම් දිස්ත්‍රික්කයේ මුහුදු තීරයෙන් ආරම්භ කරන ලෙසත් චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉල්ලා සිටින ලදී.
මීට අමතරව මත්ස්‍ය සම්පත නෙලා ගැනීම පහසු කරවන ඉන්දියානු NAVIC තාක්ෂණ මෘදුකාංගයද ශ්‍රී ලාකික ධීවර ප්‍රජාවට ලබා දෙන ලෙසත් මා මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා තිබේ.







