පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මීගමුව ශාන්ත පීතර විද්යාලයට මීට මාස 11 කට පමන පෙර පැමිණි විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා පසුගිය 26 වැනි (26/08) දින ගුරු සේවයෙන් විශ්රාම ලැබීය. ඔහු මෙලෙස විශ්රාම ලැබුවේ දශක 03 කට අධික කාලයක් එනම් වසර 31 ක් වු තම ගුරු දිවියට සමුදෙමිණි. ඒ වෙනුවෙන් එදින පෙරවරුවේ ,මීගමුව ශාන්ත පීතර විද්යාලයේ විශේෂ උත්සවයක් පැවැත්වු අතර එම උත්සවය, පැවැත්වුණේ නිව්ටන් ප්රනාන්දු , ඩේසිනි දර්ශනීකා යන උප විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් මෙන්ම විද්යාලයේ සෙසු ගුරුභවතුන් ඇතුළු සියලු සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයනි.
ඉන් අනතුරුව ශාන්ත පීතර දේවස්ථානයේ අසිරි පැතිමේ විශේෂ දිව්ය පූජාවක් පැවැත්වුණු අතර , එම දේවස්ථාන මීසම් පාලක ගරු ජයන්ත වික්රමසිංහ සහ මිගමුව,ශාන්ත මරියා විද්යාලයේ විදුහල්පති ගරු හේමන්ත ප්රනාන්දු යන පියතුමන්ලාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවය සහ දිව්ය පූජාව සඳහා ආනන්ද ලේකම්ගේ මහතාගේ දයාබර බිරිඳ සහ පුතුන් දෙදෙනා ද සහභාගී වූහ.


ආනන්ද ලේකම්ගේ මහතා මෙම පාසලේ විදුහල්පති ලෙස පත්වීමට පෙර මෙහි වසර 11 ක පමණ කාලයක් කටයුතු කළ රොයිස් ප්රනාන්දු නැමැති විදුහල්පතිවරයාට , විද්යාලීය ආදි ශිෂ්ය සංගම් නියෝජිතයින්ගේ සහ දෙමව්පියන්ගේ දැඩි විරෝධයකට ලක්වන්නට සිදුවිය. එහිදී ඔහුට නැගුනු ප්රබල චෝදනාවන් වූයේ ඔහුගේ පාලන කාලය තුළ මෙම පාසල සෑම අංශයකින්ම දුර්වල මට්ටමකට කඩා වැටනු බවයි. පාසලේ ජනප්රියත්වය, අධ්යාපන කටයුතු මෙන්ම ක්රීඩා කටයුතුද එලෙසම පාසලේ අලංකරණ කටයුතු සහ සංවර්ධන කටයුතු යන සෑම අංශයකම දැඩි පිරිහීමක් එම වසර 11 ක කාලය තුල සිදු වූ බවට ඔහුට විරුද්ධතාවන් එල්ල කළ පිරිසගේ අදහස විය. ඒ නිසාම ඔවුන් වගකිය යුතු අධ්යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කඩා වැටෙමින් පවතින මෙම පාසල යළි නගා සිටුවා පෙර තිබූ ජනප්රිය තත්ත්වයට පත්කර ගැනීමට නම් පළපුරුදු සහ සුදුසුකම්ලත් විදුහල්පතිවරයෙකු මීගමුව ශාන්ත පීතර විද්යාලයට ලබා දෙන ලෙසයි. ඒ අනුව මීට මාස 11 කට පමණ පෙර මීගමුව අධ්යාපන බලධාරින් හා ගරු පියතුමන්ලාගේ මැදිහත්වීමෙන් ආනන්ද ලේකම්ගේ මහතාව මෙම විද්යාලයේ විදුහල්පති ලෙස පත් කරනු ලැබීය.
විද්යාලීය කනිෂ්ඨ ආදි ශිෂ්ය සංගමයේ සභාපති ප්රදීප් නිශාන්ත මහතා පවසන පරිදි ආනන්ද ලේකම්ගේ මහතා , මෙම විද්යාලයේ විදුහල්පති ලෙස සේවය කල මෙම කෙටි කාලය තුළ ලක්ෂ රුපියල් 47 ක් පමණ මුදලක් වැය කරමින් පාසල වටා ආරක්ෂිත සහ අලංකාර තාප්පයක් ඉදිකර තිබේ. එම සම්පූර්ණ මුදලින් ලක්ෂ 18 මුදලක් පමණක් පාසලේ අරමුදල් මඟින් සපයාගෙන ඇති අතර, විද්යාලීය ආදී ශිෂ්ය සංගමයෙන් ලක්ෂ 24 ක් සහ පාසලට සුභ පතන්නන්ගෙන් ලැබුණු ලක්ෂ 05 ක පමන මුදලක් මේ සඳහා වැය කර ඇත. එලෙසම ආනන්ද ලේකම්ගේ මහතාගේ සංකල්පනාවකට අනුව පාසලට අංග සම්පූර්ණ නව ආපනශාලාවක් ඉදිකර තිබේ.2000 වසරේ ආදි සිසු කණ්ඩායම මගින් ලක්ෂ 14 ක මුදල් පරිත්යාගය මේ සඳහා ලැබී තිබේ. මීට පෙර හිටපු විදුහල්පතිවරයාට පසුගිය වසර 03 ක පමණ කාලයක් පුරාවට පැවැත්වීමට නොහැකි වූ විද්යාලිය නිවාසාන්තර කීුඩා උළෙලද මේ වසරේ සාර්ථකව පැවැත්වීමට හැකි ව තිබේ එලෙසම පසුගිය වසර කිහිපයකදීම පැවැත්වීමට නොහැකි වූ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්යාලීය ක්රිකට් කණ්ඩායම සමග පවත්වන වාර්ෂික සුහද ක්රිකට් තරඟය ද මේ වසරේ පවත්වා ඇත. එලෙසම එය අඛණ්ඩව නැවතත් වාර්ෂිකව පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ. එමෙන්ම තවත් ක්රීඩා ඉසව් ගණනාවකින් මේ විද්යාලයට විශේෂ ජයග්රහණ හිමිවී තිබේ. සෞන්දර්ය කලා අංශයන්ගෙන්ද විශේෂ ජයග්රහණ රැසක් මේ වසරේදී පාසලට හිමි ව තිබේ. අතරමග නැවතී තිබූ පෙරදිග හා අපරදිග තූර්ය වාදක කණ්ඩායම් 02 කද මේ වන විට නැවත ආරම්භ කර තිබේ. තවත් සංවර්ධන ව්යාපෘති කිහිපයක්ම පාසල තුළ ක්රියාත්මක වෙමින් පවතී. තවද වඩාත් කැපී පෙනෙන ලෙස පාසල තුළ විනයානුකූල සහ නිත්යානුකූල පරිපාලන ක්රමවේදයක්, සිසු දරුවන් හා ගුරුවර ගුරුවරියන් අතර ක්රියාත්මක කර ඇත. එලෙසම අධ්යාපනයට මුල් තැන දෙමින් ,පාසල තුල අධ්යාපනයට සුදුසු බාහිර අලංකරණය සහිත සිත් ඇදගන්නා සුළු පරිසරයක් මේ වන විට නිර්මාණය කිරීම ආරම්භ වී ඇත.. එලෙසම පසුගිය වසර වල පාසලට අලුතින් ඇතුළත් වන නවක දරුවන්ගේ ප්රමාණය අවම වී පාසලේ ජනප්රියත්වය ගිලි හී ගොස් තිබු අතර එළඹෙන 2026 වසරට පාසලට ඇතුළත් වීම සඳහා මේ වන විට අයදුම්කර ඇති නවක දරුවන්ගේ ප්රමාණය මෙවර සැලකිය යුතු ලෙස වැඩි වෙමින් පාසලේ ජනප්රියත්වයද ක්රමයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව මීගමුව ශාන්ත පීතර විද්යාලය මේ වන විට ක්රමයෙන් මෙම කෙටි කාලය තුළ, පෙර තිබූ දියුණු සහ ජනප්රිය මට්ටමකට ළඟා වී ඇති බවද මෙහිදී ප්රදීප් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය..
මෙලෙස ගුරු සේවයෙන් විශ්රාම යන ආනන්ද ලේකම්ගේ මහතා යනු 1994 සිට 2012 දක්වා වු වසර 18 ක කාලයක් තුළ මෙම විද්යාලයේම ආර්ථික විද්යාව විෂය ඉගැන්වූ දක්ෂ ගුරුවරයෙකු විය. එලෙසම වාර්තා වන පරිදි ඔහු ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ , කළමනාකරන හා වාණිජ විද්යා පීඨයේ වාණිජ විද්යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකි. එමෙන්ම කොළඹ විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධි අධ්යාපන ඩිප්ලොමා ලාභියෙකි. තවද 2012 වසරේ සිට 2016 වසර දක්වා වූ කාලය තුළ ඔහු මීගමුව, කොට්ඨාස අධ්යාපන කාර්යාලයට අනුයුක්තව වාණිජ විෂය සඳහා වන ගුරු උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත. තවද ආනන්ද ලේකම්ගේ මහතා ශ්රී ලංකා විදුහල්පති සේවා විභාග පරීක්ෂණයද සමත් ව , 2016 වසරේ සිට 2024 වසරේ එනම් පසුගිය වසරේ, සැප්තැම්බර් මාස 10 වැනිදා දක්වා, මීගමුව ශාන්ත මරියා විද්යාලයේ නියෝජ්ය. විදුහල්පතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහු විදුහල්පති ලෙස මෙම පාසලට පැමිණි දා සිට, විශ්රාම යනතුරුම ඔහුගේ තේමා පාඨය බවට පත් වී තිබුණේ මෙම පාසල දරුවන්ට " එන්න හිතෙන පාසලක්, ඉන්න හිතෙන පාසැලක් " බවට ගොඩනැගිය යුතු බවයි.
ඕනෑම අවස්ථාවක මාධ්යවේදීන්ට පාසල තුළ සිදුවන කටයුතු පිළිබඳ සොයා බැලීමට ඔහු අවසර ලබා දී තිබූ අතර,;මාධ්යවේදීන් සමඟද ඉතාම සුහදත්වයෙන් කටයුතු කල විදුහල්පතිවරයෙක් ලෙසද ප්රකටය. එහෙයින් ආනන්ද ලේකම්ගේ මහතා ඇරඹි අභිනව විශ්රාම දිවිය නිරෝගීව, යහපත්ව සහ අර්ථවත්ව ගත කරන්නට ලැබේවා යැයි " මීපුර " අප ද මෙලෙස සුභ පැතුම් එක් කරමු.









