spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුවේ පවුල් 4378 ක් ආපදාවට – ගෙවල් 29ක් සම්පූර්ණයෙන්ම විනාශයි

Must read

දිට්වා කුණාටුවේ ප්‍රබලතම හානිය සිදුවු දින කීපය තුළ වෙන්නප්පුවේ පවුල් 4378ක් ආපාදාවට ලක්ව ඇති බව වෙන්නප්පුව ප්‍රා.ලේකම් එම්.එම්.නදීජා හේරත් මහත්මිය පවසයි. එම දින කීපය තුළ දි මතුු ජල ගැල්ම හේතුවෙන් වෙන්නප්පුව ප්‍රා.ලේකම් කොට්ඨාශයේ වැඩිම ආපදාවට ලක්ව ඇත්තේ තෝප්පුතොට,වයික්කාල, සින්ද්‍රාත්‍රිය යන ප්‍රා.ලේකම් කොට්ඨාශ වන අතර ආපදාවට ලක්වූ කොට්ඨාශ ගණන 52කි. වෙන්නප්පුව සියලුම කොට්ඨාශ වල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති නිවාස ගණන 29ක් පමණ වන අතර ,අර්ධ හානි 387ක් සිදුව ඇත. මේ වනවිට කොට්ඨාශ 52ක අවතැන්ව සිටි පිරිස් නැවත නිවෙස් වෙත ගොස් ඇති වුවත් බොහෝ ස්ථාන වල නිවාස සහ ගෘහ උපකරණ සියල්ල විනාශ වී ඇති බව වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. ගෘහ උපකරණ, විදුලි උපකරණ නැවත පාවිච්චි කළ නොහැකි ලෙස මඩවලින් වැසී විනාශ වී ඇති බවත්, ඒම නිවාස යළි පිළිසකර කරගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවත් ඒ් සදහා ඔවුන්ට උදව් උපකාර අවශ්‍ය බවත් ඇය පවසන ලදී. මෙම අවතැන්ව සිටි ජනතාවට නිවාස පිරිසිදුකර ගැනීමට රජයෙන් රුපියල් 25000ක මුදලක් ලබාදෙන බවත් ඉදිරි දින කීපය තුළදී වියලි සලාක මල්ලක් ලබාදීම නියමික බවද ඇය පවසන ලදී. සින්දාත්‍රිය වසම තුළ ඉඩම සහ නිවාස 06ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

දෙමටපිටිය ලූර්දු පාථමික පාසල

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article