spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුව අවට අපරාධ රැල්ලක් – වටිනා ජීවිතයක් අහිමිවෙයි

Must read

කටුනේරියේ ජයන්ති ටයර් සෙන්ටර් හි පදිංචිව සිටි මිහිදුකුලසූරිය ශ්‍රීජිත් ජයශාන් ප්‍රනාන්දු නමැති තරුණයාගේ අතුරුදහන්විමක් සම්බන්ධයෙන් පොලසීයට කරන ලද පැමිනිල්ලකින් පසුව මාරවිල පොලීසිය විසින් මෙම පුද්ගලයාට කිසියම් අපරාධයක් සිදුවී ඇතිබව සොයාගෙන ඇත. ශ්‍රීජිත් ජයශාන් ප්‍රනාන්දුගේ 2025.06.30 දින අතුරුදහන් වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාරවිල පොලිස් ස්ථානය හා වෙන්නප්පුව පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදුකර තිබේ. ඒ අනුව ඔහුට අයත් කැබ් රථය කඩවත පල්ලිය අසල, වෙන්නප්පුව ලිපිනයේ ඉදිකරමින් පවතින පාලු නිවසක තිබී 2025.07.03 දින සොයාගෙන ඇත. විමර්ශන වලදී අත්අඩංගුවට ගත් සැකකරු⁣වකුගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී උදාසිරිගම පොලිස් වසමේ “හිරු” වාහන සර්විස් ආයතනයේ වැසිකිලි වලක තිබී අතුරුදහන් පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන ඇත. මේම අපරාධය සම්බන්ධයෙන් සැකපිට තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් වාර්තා අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේ පදිංචිිකරුවන් වන අතර තවත් පුද්ගලයෙකු උල්හිටියාවේ පදිංචිකරුවෙකු වේ.

මේ අවාසනාවන්ත ලෙස ඝාතනය වූ ශ්‍රීජිත් ජයශාන් ප්‍රනාන්දු නම් තරුණයා සිට ෆේස්බුක් ගිණුම හරහා සමාජ මෙහෙවරක් සිදුකළ පුද්ගලයෙකු වන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රෙද්ශයේ බොහෝ දෙනෙකු ශෝකයට හා කම්පනයට පක්ව සිටියි. පහත පළවන්නේ සමාජ මාධ්‍යකරුවෙකු වන කෙනඩි ඇන්ජලෝ කූඥේ මහතා විසින් ශ්‍රිජිත් සම්බන්ධයෙන් පළකර තිබූ සටහනයි.

මුහුනු පොතේ ප්‍රවෘර්ති වාර්තාකරු නික්ම ගොසිනි ශ්‍රිජිත් ජයශාන් ඔබට මොක් සුව අත්වේවා(ඝාතකයින්ට සාපවේවා)

මම මේ තරුනයව පලමුවෙන්ම හදුනගන්නේ මුහුනු පොතෙන් වැඩකට නැති පල්හැලි මුහුනු පොතට එක්කරන තරුන බහුතරයක් සිටින රටක ඔහුගෙ මුහුනුපොතේ විශේශත්වයක් තිබුන ඔහු පල කලේ ඉතා වැදගත් ජාත්‍යන්තර සහ ජාතික ප්‍රවුර්ති වැදගත් සිදුවීමක් සිදුවූ සැනින් එය පලකිරීමේ පුරුද්දක් ඔහුට තිබුන,මේ තරුන මහතා මගේ හිතවත් යුවලගේ පුතෙක් බවත් එපමනක් නොව මම වාහන වලට ටයර් මිලදී ගන්න කටුනේරිය ජයන්ති සෙන්ටර් හි වත්ම්න් හිමිකරු බවත් මම පසුව දැනගන්නෙ අහම්බෙන් පසුව ඔහු මගෙ මිතුරෙක් බවට පත්වෙනව,අවසාන වතාවට මීට සති දෙකකට පෙර මම ටයර් එකක් ගන්න ඔහුට කතාකලා “කෙනඩි අංකල් එන්න මම වැඩේ කරල දෙන්නම්” ඒත් මම ජියශාන්ව හමුවන්න පෙර ඔහු සමු අරන්

ජිවිතයක වටිනාකම නොදන්න තිරිසනුන්ටත් අන්ත මිනිස්සු ඔහුව බිලි අරන් එහි ඇති කේදාන්තය ඒ ඔහු ඇසුරු කල මිතුරන් පෙනී සිටි පිරිසක් වීම බවට තොරතුරු අනාවරනය වෙමින් පැවතීමයි,ශ්‍රි ලාංකිය සමාජයේ වත්මන් හැසිරීම් රටාව ගැන බියක් සිතේ ජනිත වෙනවා, ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා මට ප්‍රවෘත්ති සැපයූ ජයශාන්ගේ මරනය පුවතක් ලෙස පල කිරීමට වීම ගැන කණගාටුවක් ඇතිවෙනවා,සුබ ගමන් පුතේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article