spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ ගස් කැපීමක් ගැන විරෝධයක් ?

Must read

වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයේ පිහිටා තිබූ ගස් කීපයක් කැපීම සම්බන්ධයෙන් ඊයේ (14) පැවති මහ සභා රැස්වීමේදි විපක්ෂයෙන් විරෝධයක් මතුකරන ලදී. කොන්ත්‍රාත්කරු විසින් ගස් කපාදමා ඇති ආකාරය සම්බන්ධයෙන් ගැටළුවක් මතුකළ සජබ මන්ත්‍රී සුසන්ත ශ්‍රීනාත් ප්‍රනාන්දු මහතා විසින් පවසා සිටියේ මෙම ගස් කපාදමා ඇත්තේ පොදු පහසුකම් කමිටුව දැනුවත් නොකර , කිසිදු තාක්ෂණික නිලධාරියෙකුගේ අධීක්ෂණයෙන් තොරව බවයි. එමෙන්ම වැඩි ලාභයක් ලබාගැනීම පිණිස ගස් වල අතු සියල්ල කප්පාදු කර ඇති බව ඔහුගේ අවධාරණය විය.
මේ සම්බන්ධයෙන් ප්‍රා. සභාපතිවරයා පිළිතුරු දෙමින් , වසර ගණනක් පුරා ක්‍රීඩාංගනය අවට තිබූ මෙම ගස් කප්පාදු නොකරපු තත්වයක් යටතේ ගස් විශාල ලෙස වැවී ඇති බැවින්, ක්‍රීඩා අංගනයේ ව්‍යායාම් වල යෙදෙන මෙන්ම ගැවසෙන පුද්ගලයින්ට අනතුරුදයක තත්ත්වයක් ද හටගෙන තිබුණ අතර , ක්‍රීඩාංගනයේ භාරකරු විසින් මේම ගස් කපා දැමීම පිලිබඳව ඉල්ලීමක් පසුගිය අගෝස්තු මාසයේ සිදුකර තිබූ බව පවසන ලදී. එම ගස් වැවී තිබූ ආකාරයට ඉදිරියේදී එන වර්ෂා කාලයේදී ක්‍රීඩාංනය අවට ගැවසෙන දරුවන් මෙන්ම වැඩිහිටියන්ට වුවද අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් මෙම කාර්යය ඉතා ඉක්මනින් සිදුකිරීමට අවශ්‍යතාවයක් ඇති නිසා තාක්ෂණික නිලධාරීන්ගේ නිර්දේශ සලකා බලා මෙම ගස් කැපූ බවද ඔහු පවසන ලදි. විපක්ෂය විසින් මෙම ක්‍රීඩාංගනයේ ගස් කපා දැමීම පිළිබදව විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍ය බවද සභාවට යෝජනා කළ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ එකගතාවය පළකරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article