වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ 2026 අයවැය විවාදය අද පැවතිණි. ඒ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් , මන්ත්‍රීවරියන් අද පැවති සභාවාරයට සහභාගී වූහ. මෙවර අයවැය විවාදය දේශපාලන අදහස් වලින් මෙන්ම නව යෝජනා , අඩුපාඩු පෙන්වාදීම් වලින් සමන්විතවූ අතර සමහර මාතෘකා සම්බන්ධව දීර්ඝ උනුසුම් විවාද වලටද ගිය අවස්ථා ඇති විය. මෙවර අයවැය ඉදිරිපත්කරන අවස්ථාව වන විට පාලන කාලය මාස 6ක් පමණ වී ඇති අතර මෙහිදී අයවැයට සභිකයින් 25 දෙනෙකු පක්ෂ වූ අතර අවසානයේදී පැමිණ සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය යෝජනාව සම්බන්ධයෙන් සිය විරෝධය පළකර සභාවෙන් පිටව ගියහ. මහජනතාව බලාපොරොත්තු වන සුබසාධනය මෙම අයවැය තුළ අඩංගු වී නොමැති නිසා සිය විරෝධය දක්වන බව විපක්ෂයේ කණ්ඩායම් නායක සුසන්ත ශ්‍රීනාත් මහතා ප්‍රකාශ කර සිටියේය. 
අද පැවතියේ වෙන්නප්පුව ප්‍රා.සභාවේ ජාතික ජනබලවේග පාලනය ආරම්භ වී මාස 06කට පසු ඉදිරිපත් කළ මංගල අයවැයයි. මෙහිදී අයවැය විවාදය සදහා මූලාරම්භයක් සපයමින් ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර් මහතා පැවසුවේ ,
මෙපමණ කාලයක් පුරා වෙන්නප්පුවේ පැවති ප්‍රභූ දේශපාලනය පරදා මන්ත්‍රීවරයෙක් යනු මහජන සේවකයෙක් බවට පත්කිරීමේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට අපට හැකිවි තිබෙන අතර නිශ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් අඩිතාලම් තැබීම සදහා අවශ්‍ය ආර්තික ප්‍රතිසංස්කරන ඇතිකිරීමට මෙම රජය විසින් මුලපුරා ඇති බවයි. එමෙන්ම වෙන්නප්පුව ප්‍රා.සභාවේ තරුණ පරපුරට නව බලාපොරොත්තු වලට අරුතක් වෙන්නප්පුව ප්‍රා.සභාව ඇතිකළ යුතු බව ,ප්‍රා.සභාපතිවරයා අයවැය විවාදය ආරම්භ කරමින් පවසන ලදී.
විවාදයේදී විපක්ෂ කණ්ඩායම් නායක සුසන්ත ශ්‍රීනාත් මහතා අදහස් දැක්වමින් මෙසේ පවසන ලදී.

” මෙම අයවැයේ ප්‍රාග්ධන ආධාර නෑ. රටේ තියෙන ආර්ථික වැඩපිළිවෙල අනුව ජනතාවගේ ආදයම් අඩුවෙනවා.එතකොට බදු එකතුකරන්න බැරිවෙනවා. ගම්වල මිනිස්සු අඩනවා, බදුගෙවන්න බැ, අපි පොළට යන්න තියෙන සල්ලි වලින් තමයි බදුගෙවන්නේ කියලා.
ඉස්සර රජයන් වලින් ජනතාවට බඩු මලු දුන්නා,ආධාර දුන්නා,පොත් දුන්නා.ප්‍රාග්ධන ආධාර පසුගිය කාලේ රජයන් වලට ආවා. අද ඔබතුමාලට ප්‍රාග්ධන ආධාර එන්නැ.මේ බජෙක්ට් එකේ ප්‍රාග්ධන ආධාර නෑ.මේඅයවැය ගණන් සාස්තරේ හැටියට හදලා තියෙනවා.මේක සතුටු වෙන්න පුලුවන් අයවැයක් බව අපට පෙනී යනවා. ඒ සදහා වැඩකරන්න ඔබලාට වසර ක් තිබෙනවා. අපි සුබපතනවා නමුත්, ජනතාව බලපොරොත්තු වන සුබසාධනය මෙතන නැති නිසා අපේ විරෝධය අපි පළකරනවා.












