Sunday, June 8, 2025

වෙන්නප්පුව ප්‍රා. සභාවේ නව සභාපතිවරයා දිව්රුම් දෙයි

Must read

පසුගිය මැයි මස 06 වනදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් වෙන්නප්පුව ප්‍රා.සභාවේ බලය මාලිමාව ලබාගත් අතර අද ( ජුනි 02 ) වෙන්නප්පුව ප්‍රා.සභාවේ සභාපති ලෙස ටී.පී.ඩී. ඇන්ටන් කුමාර මහතා දිව්රුම් දෙන ලදී. 2017 වර්ෂයේදී වෙන්නප්පුව ප්‍රා.සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග වදිමින් ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වන ඇන්ටන් කුමාර මහතා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධයාපනය ලබා ඇත. අද වෙන්නප්පුව ප්‍රා.සභාවේ උප සභාපති ලෙස ලාල් ප්‍රියන්ත සියඹලාපිටිය මහතාත් අද දිවුරුම් දෙන ලදී. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ලේකම් ඩබ්.ඩී.ලූෂන් මහතා,වෙන්නප්පුව ප්‍රා.ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ. වෙන්නප්පුව ප්‍රා.සභාවට තේරීපත්වූ දේශපාලන පක්ෂ 05 ක සිමිජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වෙන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article