වෙන්නප්පුව -සිරිගම්පල ‘සාන්ත ආනාපුර ජනපදයේ’ ජීවත්වන පවුල් ගණනාවකට පානීය ජලය ලබාගැනීම පිණිස ස්ථාපිත කර තිබූ ජල ටැංකි 07 දැනට මාස 9ක පමණ සිට ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස අක්‍රීයව පවතියි. මෙම ජල ටැංකි වලට ජලය සැපයීම සිදුකළ යුත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවෙන් වන අතර , තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම ජල ටැංකි වල අලුත්වැඩියාව සහ ජලය සැපයීම තවමත් ප්‍රමාද වෙමින් පවතියි. මෙම ජල ටැංකි දැනට අවුරුදු කීපයකට පෙර වර්ල්ඩ් විෂන් ආයතනයෙන් ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසඳීමට වෙනුවෙන් වසර 07කට පමණ පෙර ලබාදී ඇති ඇත්තේ , ඔවුන්ගේ නිවාස වල ජලය අපවිත්‍ර වී ඇති බව සමීක්ෂණ වලින් හෙළිවූ පසුවය. ජනපදයක් වන ශාන්ත ආනාපුර ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ජීවත්වන බිම් කොටස් 10 ක පමණ සීමාසහිත බිම් කොටස් බැවින් ඒ්වායේ ජල මුලාශ වසර ගණනක් පුරා දූෂිතව පවතියි.

සාන්ත ආනා ජනපදයේ ස්ථාන 07ක පමණ ස්ථාපිත කර ඇති මෙම ජල ටැංකි වලින් පානය සඳහා ජලය ලබාගන්නා පවුල් ගණන 500ට වැඩි අතර, දැනට මාස කීපයක් පුරා පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි පානීය ජල ප්‍රශ්නයකට මුහුණ පා සිටිති. නිවාස වල ඇති ජල මුලාශ්‍ර වලට අසූචි මිශ්‍රවී ඇති බව තමන් දන්නා බවත්, නමුත් පිරිසිු ජලය මිළදී ගැනීමට තරම් වත්කමක් නොමැති ජනතාව , කාලයක් පුරා අපවිත්‍ර ජලය පානය කිරීමට පෙළඹී සිටින බවත්, සාන්ත ආනාපුර ප්‍රදේශවාසී ජනතාව පවසයි.
මේ වනවිට මෙම ජල ටැංකි වල කරාම අබලන් වී ඇති අතර,නැවත ටැංකි සුද්ද පවිත්‍ර කර ජලය සපයාදීම සිදුකළ යුතු ව ඇති අතර ජනතාව පවසන්නේ , මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව දිගින් දිගටම දැනුවත් කළද මේ වනතෙක් ඒය ඉටුනොවීම කණගාටුවට කරුණක් බවයි.







