Thursday, April 24, 2025

වෙන්නප්පුව හා අවට හෝටල් වල බලපත්‍ර නැතිව මත්පැන් ?

Must read


වෙන්නප්පුව හා ආසන්න ප්‍රදේශ වල තිබෙන හෝටල් විශාල සංඛ්‍යාවකට පිළිගත් මත්පැන් බලපත්‍ර නොමැති බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි. බොහෝ විට ඒවැනි හෝටල් වල තහනම් දින වලද මත්පැන් අළෙවි කරනු ලබයි. පිළිගත් බලපත්‍ර තිබෙන හෝටල් වල නැතිනම් ලයිසන් ඇති හොද වර්ගයේ මත්පැන් අළෙවියට වඩා මෙම හොටල් වල මත්පැන් අළෙවියද සරුවට සිදුකෙරෙයි. පසුගිය ආණ්ඩු බලය ක්‍රියාත්මක වූ කාලයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය මෙන්ම නීතිවිරෝධී මත්පැන් අළෙවිසැල් පවත්වාගෙන යාම පිටිපස ප්‍රදේශයේ දේශපාලකයින්ගේ සෘජු බලපෑමක් තිබූ බවද නොරහසකි. සමහර දේශපාලකයින් අයථා ලෙස හම්භ කළ මුදල් ද මෙවැනි නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යාමට යොදවා ඇති බවටද ප්‍රකටය. වත්මන් රජය බලයට පැමිණි විගස පසුගිය රජයන් විසින් දේශපාලන සම්බන්ධතා හරහා ලබාගෙන ඇති බාර් ලයිසන් ලයිස්තුව ප්‍රකාශයට පත්කරන ලදී. නමුත් ඒතැනදී සිදුවී ඇති වැරැද්ද නිවරදි කිරමට රජය තවමත් ක්‍රියාත්මක වූයේ නැත.
වෙන්නප්පුව ප්‍රදේශයේ සිදුවන මෙම බලපත්‍ර නොමැතිව සිදුකරන මත්පැන් වෙළදාම් කරන හෝටල් පිටුපස තවමත් ක්‍රියාත්මක වන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන හස්තයමද ?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article