Saturday, June 14, 2025

වෙල්ලමංකරයෙ මුහුදට තවත් ජිවිත කීයක් බිලිදිය යුතුද ? අවදානම ගැන පුවරු සවි කරන්නේ කවුද ?

Must read

අද පොසොන් පොහෝ දිනයයි. ලංකාවේ බහුතරයක් ආගමික භේදයකින් තොරව මෙවැනි දින විනෝදයෙන් ගත කරයි. විනෝදයකදී වුවත් සමහරුන්ට සිය ජීවිත ආරක්ෂාව අමතක වෙන තැන් තිබේ. එවැනි අවස්ථාවලදී ගංගා වල ගිලී ,මුහුදේ ගීලී අකාලයේ ජීවිත විනාශ කරගනියි.

පසුගිය මැයි මස 13 වනදා (වෙසක් ) පහයි තිහට පමණ වෙන්නප්පුව – නයිනමඩම, වෙල්ලමංකරය වෙරළ තීරයේ දිි නාමින් සිිිටි තරුණයින් 4 දෙනෙකු නම් සදහන් පුද්ගලයන් සිව් දෙනා මුහුදේ ගසාගෙන යන ලදී. මෙම තරුණයින් වෙසක් දින වල විනෝදවීම පිණිස වෙනත් ස්ථාන වලද දිය නෑමට ගොස් මෙම ස්තානයට පැමිණි බවද පැවසේ. කෙ‌සේ වුවත් මෙම ස්ථානය අනතුරු සහිත බව අසල සිටි කාන්තාවක් ඔවුන්ට පවසා තිබියදීත් ජලයට බැස දිගාවී සිටි අතර මුහුදු රළ සැඩ පහරටම ගැඹුරට ඇදී ගිය බව දුටු අයෙක් අප හා පවසන ලදී. දියේ ගිලුන මෙම තරුණයින්ගේ සිරුරු ගොඩට ගසා ඇති අතර ඒක් තරුණයෙකුව ගමේ ධීවරයෙකු විසින් බෝට්ටුවක ආධාරයෙන් ගොඩට ගෙනවිත් ඇති අතර ඔහුද මාරවිල රෝහලට ගෙන යන විට මියගොස් ඇත.

මෙම හතර දෙනාගෙන් ඒක් තරුණයෙකුගේ දේහය තවමත් ගොඩ ගසා නැති අතර ගම්වාසින් පවසන්නේ මුහුදේ ඒ් ආසන්නයේ ඇති ගල යට සිරවි තිබෙන්නට හැකි බවයි. සියල්ලන් වයස අවුරුදු 18ටත් අඩු වයස්කරුවන්ය. මුහුද මේ දිනවල වාරකන් කාලය නිසා මුහුද රළු බව ගම්පළාත් වල ජනතාව හොදින් දනියි. ඒබැවින් ඔවුන් ඒ් ගැන මේ ස්ථානයේ ස්නානය කරන්නට පැමණෙන අයට දැනුම් දෙති. නමුත් ගම්වාසීන් ගේ ඇස නොගැටෙන අවස්තාවන්ද ඇත. වෙල්ලමංකරයේ අලුතින් ඉදිවී ඇති වරායත් ඒ් ආසන්නයේම පිහිටා ඇත. මෙම ස්තානය අවට ජනාවාස සහ සංචාරක හෝටල් කීපයක් ද තිබුණද මෙම ස්ථානයේ යම් පාලු හුදකලා ස්වබාවයක් ගෙන තිබේ. ඒයට හේතුව ඒහි පිහිටීමයි. දැනට වසර ගණනාවක් පුරා මෙම ස්ථානයේ දී ජීවිත රැසක් මුහුදට බිලිවූ බව ගම්වාසින් පවසන අතර , මුහුද හොදින දන්නා ධීවරයින්ද අනතුුු ලක්වී ඇති බව ඔවුන් පවසයි.

වෙල්ලමංකරයේ මුහුදු තීරයට ඇතුල් වන එක මාර්ගයක්

මෙම ස්ථානයේ සිදුවන මෙම අකාල අනතුරු වලක්වාගැනිමට ඉදිරියේදී වගකිවයුත්තන් කිසියම් පියවරක් ගන්නවා නම් ඒය කාගෙත් ජීවිත වලට යහපතක් වනු ඇත. මෙම ස්ථානය අනාරක්ෂිත බව දැනුම් දෙන පුවරුව කීපයක් ගැසීමට වෙන්නප්පුව ප්‍රා.සභාවට හැකිය. ඒ් වාගේම ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවටද ගමට ප්‍රවේශ වන යම් ස්ථනයකදී මෙම ්ස්ථානයේ ඇති අනතුරුසහගත බව ගැන පූර්ව දැනුම් දීමක් කර පුවරුවක් ගැසිය හැකිය. ඒ් අවට පරිසරය දෙස නිරීක්ෂනය කරන විට පෙනී යන්නේ මෙම ස්ථානයට දිය නෑමට හෝ කාලය ගතකිරිමට,විනෝදවීමට ජනතාව පැමිණෙන බවයි. ඒ් නිසාම මෙහි ඇති අනතුර ගැන දැනුම්දීමට පුවරු සවිකිරීම අත්‍යඅවශ්‍ය කරුණකි.

ඒයට අමතරව මෙම ස්ථානයේදී මිය ගිය අයගේ තොරතුරු සහිත හා ඡායාරූප ද ඇතුළත් පුවරුවක් හෝ සිහිවටනයක් සෑදිය හැකිය. ඒවිට ජලයට බැසිමට පෙර දෙවරක් කල්පනා කිරීමට ඔවුන් පෙළඹෙනු ඇත.

මැයි මස 05 වනදා දි වෙල්මෙලමංකරය මුහුදේදී මියගිය තරුණයින්ගේ තොරතුරු

  1. මෙම පුද්ගලයන් සිව් දෙනා 2025.05.13 දින පැය 2.00 ට පමණ පානදුර ප්‍රදේශයේ සිට වෙන්නප්පුව පොලිස් වසමේ අංක 174/ඊ, සුනීතා උළු කම්හල, බ/ අංගම්පිටිය, වයික්කාල ලිපිනයේ පදිංචි සෙල්ලමුත්තු වසන්ත කුමාර් (ජා.හැ 199835310934) යන අයගේ නිවසට පැමිණ ඇත.

පසුව මෙම පුද්ගලයන් සිව් දෙනා සවස 4.00 ට පමණ වෙන්නප්පුව පොලිස් වසමේ වෙල්ලමංකරය වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියේ ගිලී අතුරුදහන්ව ඇත.

ඉහත නම් සදහන් පුද්ගලයන් තිදෙනාගේ සිරුරු මේ දක්වා හමු වී නොමැති අතර උදයකුමාර් සිරිදරන් යන අය පමණක් හමු වී ඇති අතර එය 1990 සුව සැරිය මගින් මාරවිල රෝහලට රැගෙන යන අවස්ථාවේදී මිය ගොස් ඇත.

  1. සෙල්වමුත්තු සෙල්වරාජ්.
    අංක 174/ඊ, සුනීතා උළු කම්මල, බ/ අංගම්පිටිය, වයික්කාල.
    1997
  2. පලතියන්සි සරත් රාජ්.
    පදිංචිය ශාන්ත සෙල්විජයන්ස් වත්‍ත, බගවත්තලාව.
    වයස – අවුරුදු 17 යි.
  3. පලතියන්සි අජිත් කුමාර්.
    පදිංචිය – ශාන්ත සෙල්විජයන්ස් වත්‍ත, බගවත්තලාව.
    වයස – අවුරුදු 17 යි.
  4. උදයකුමාර් සිරිදරන්.
    ලිපිනය – ශාන්ත සෙල්විජයන්ස් වත්‍ත, බගවත්තලාව.
    වයස 17 යි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article