spot_img
Saturday, March 7, 2026
spot_img

සමස්ත ලංකා ජයක් පතා සම්මාදමේ යන තාවල්ලේ දරුවෝ !

Must read

සමස්ත ලංකා නැටුම් තරගාවලියකට සහභාගිවීමට අවශ්‍ය රුපියල් එක්ලක්ෂ විසදහසක මුදලක් උපයාගැනීම සදහා දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි පාසලක සිසු සිසුවියන් පිරිසකට  ආධාර පත්‍රයක් රැගෙන ගෙයින් ගෙට යාමට සිදු වී ඇති පුවතක් දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සමස්ත ලංකා ජයග්‍රහණයක් වෙනුවෙන් මෙලෙස මුදල් සම්මාදමේ යාමට සිදු වී ඇත්තේ දුම්මලසූරිය, තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ දරු දැරියන් පිරිසකටය.

පසුගිය මැයි මාසයේදී පැවැති වයඹ පළාත් නැටුම්  තරගයකින් ජයග්‍රහණය කළ මෙම විද්‍යාලයේ දරු දැරියන් ලබන 02 වැනිදා කොළඹදී හෝ ගම්පහදී පැවැත්වෙන සමස්ත ලංකා අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා තිබේ.

සිසුන් 20 දෙනෙකු නර්තනයෙන් සහ වාදනයෙන් සහභාගිවන මෙම නර්තන අංගය සමස්ත ලංකා තරගයට ඉදිරිපත් කිරීම සදහා ඇදුම් පැළදුම්, ප්‍රවාහන සහ වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ විසදහසක මුදලක් වැය වන බවට විදුහල විසින් අස්තමේන්තු කර තිබේ.

දිළිදු ආර්ථිකයක් සහිත මෙම දරුවන්ගේ දෙමව්පියන්ට හෝ පාසල් මට්ටමින් හෝ එම මුදල සපයාගැනීම නොහැකි නිසා උක්ත මුදල උපයාගැනීමට ආධාර කරන ලෙසට ඉල්ලමින් තාවල්ල ධම්මාලෝක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ප්‍රදේශවාසීන් අමතමින් නිකුත් කර ඇති ආධාර පත්‍රය පහත ඡායාරෑපයෙන් දැක්වෙයි.

ඡායාරූපය උපුටාගැනීම  දිනෙත් කුමාර මහතාගේ  ෆේස්බුක් පිටුවෙනි.dammaloka

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article