spot_img
Friday, March 6, 2026
spot_img

සමාජයට සහකම්පනයෙන් පිරිපුන් මිනිසුන් අවැසිය

Must read

රුවන් සමීර ඇදුරුතුමන්ගේ ART with සමීර සර් චිත්‍ර කලායතනය මගින් වාර්ශිකව තම සිසුදරුදැරියන් හා එක්ව සිදුකරන අපූර්ව කලා වැඩසටහන් අතරින් මෙවරද සුවිසෙස් අපූර්ව කලා අත්දැකීමක් දරුවන්ට මෙන්ම පොදු සමාජයටම එක් කරමින් නිදහස් දින එනම් 2026.02.04 දින සීගිරි ජල උද්‍යාන පරිශ්‍රයේ සීගිරිය සිත්තම් කිරීමේ සජීවි සිත්තම් කිරීමේ කඳවුරක් පවත්වන ලදී..මෙම කඳවුර සඳහා පුත්තලම් දිස්ත්‍රික්කය පුරා විවිධ පාසල්වල විවිධ වයස්මට්ටම්වල දරුවන් සක්‍රීයව සහභාගි වූ අතර මෙම නවමු අත්දැකීම දෙමාපියන්ගේද ප්‍රශංසාවට බඳුන්වූ කලා වැඩසටහනක් විය.

සමාජයට සංවේදී බවින් යුත් සහකම්පනයෙන් පිරිපුන් මිනිසුන් අවැසිය ඉදිරි ශ්‍රී ලංකාවේ දිශානතිය තීරණය කරණුයේ සමබර පෞරුෂයකින් හෙබි හදවත් ඇති උගතුන්ය එවන් උත්තුංග මින්ස් ප්‍රජාවක් බිහි කරණුවස් ආර්ට් විත් සමීර සර් කලා ඇකඩමිය දරන්නා වු පරිශ්‍රමය ඉමහත් ය…වර්ථමානයේ හලා මාදම්පේ සේනානායක ජාතික පාසලේ චිත්‍ර කලා ආචාර්‍ය ලෙස සේවය කරන ඇඳුරුතුමන් වසර 17 ක පමණ ගුරුභූමිකාවේ නියැලෙමින් නිකවැරටිය මහසෙන් ජාතික පාසල,වෙන්නප්පුව ශ.ජෝශප් වාස් විදුහල ආදී පාසල්වල මෙන්ම හලාවත කලාපයේ බොහෝ පාසල්වල දුවා දරුවන්ගේ කලාකුසලතා ඔපනන්වනු වස් තම සහජ කලා හැකියාවන් හා පරිණත ගුරු අත්දැකීම් එක්කාසු කරමින් විවිධ නිර්මාණශීලී වැඩසටහන් සදහාදැනුම නිර්ලෝබීව බෙදාදෙන ගුරු තරුවකි…

නිදහස් මානයකින් සිතන පතන ,ස්වයං සංවර මනසකින් යුතු සිතින් ,ගතින් නීරෝගි දරුපරම්පරාවක කලා කුසලතාවයන් මෙන්ම ප්‍රතිභාවන් ඔපදමන මෙවන් අපූර්ව වැඩසටහන්හි නිර්මාතෲ වන රුවන් සමීර මහතාගෙ මෙම වැඩසටහන අගය කරමින් සීගිරියට පැමිණ සිටි දෙස්විදෙස් සංචාරක කලාරසකාමීන්ගෙන් ලද හර්දයාංගම අගයකිරීම්,ප්‍රතිචාරයන් මෙම වැඩසටහනේ වටිනාකම හා සාර්ථකත්වය විදහාපාන්නක්ම විය.
රුවන් සමීර ගුරුතුමා සහ එතුමන්ගේ කලාකෙතේ පීදෙන දුවාදරුවන්ටත් සුබාසිංශන දෙමින් මෙවන් නිර්මාණශීලී ගුරු භවතුන්ට තව තවත් දිරිදීම අනාගත දරුවන්ගේ අද්‍යාත්මීක සංවර්ධන පෝශණය කිරීමක් වනු නොඅනුමානය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article