spot_img
Saturday, March 7, 2026
spot_img

සාස්තරයක් නිසා මිත්තනියව මැරූ අධමයෙක්

Must read

elder-wemon-i-n-rinsecurity

පසුගිය 31 වැනිදා තම මිත්තණියව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි. ඝාතනයට ලක්ව ඇත්තේ පල්ලිවාසත්පාඩුව – සෙට්ටියාවාඩිය පදිංචිව සිටි දෙයියාකව්අම්මා (අවු:83) ක කාන්තාවකි. මෙම සිදුවීම සිදුවී ඇත්තේ 31 වනදා සවස බවත් වාර්තා වේ.

මිය ගොස් ඇති අය මන්නාරම ප්‍රදේශයේ ධීවර කාර්මිකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.පසුගිය දිනක ඔහු ඉන්දියාවට ගොස් සාස්තරයක් අසා ඇති අතර එම සාස්තරකරු පවසා ඇත්තේ සැකකරුට කිසිදු දියුණුවක් නොමැත්තේ තම මිත්තණිය නිසා වන බවයි. මෙම අදහස සිතේ තබා ගෙන මෙරටට පැමිණ ඇති සැකකරු මන්නාරමේ සිට කල්පිටියට පැමිණ තම මිත්තණිය සොයා ගොස් ඇත.ඒ ඇය වයෝවෘද්ධ තත්ත්වයෙන් මිය යාමට ආසන්නව සිටිනවා දැයි දැන දැගනීම සදහාය.නමුත් මිත්තණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා දැක ඇති සැකකරු ඇයව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.

පසුව ප්‍රදේශයෙන් පලා යාමට උත්සහ කර ඇති සැකකරුව කල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් පසුගිය 01 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article