spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත – කුරුණෑගල මාර්ගයේ අවිධිමත් මාළු වෙළදාමට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

Must read

 mal 5  කොවිඩ් 19 වසන්ගතයේ දෙවෙනි රැල්ල ආරම්භවිමත් සමග හලාවත කුරුණෑගල මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන අවිධිමත් මාළු වෙළදාම නිසා තම ප්‍රදේශයේ ජනතාව කොරෝනා රෝග තත්ත්වයට මුහුණ පෑමට සිදුවීය හැකි බව කියමින් එම වෙළදාමට එරෙහිව ප්‍රදේශවාසින් පිරිසක් විසින් අද ( 11 දා ) පෙරවරු කාලයේ දි සාමකාමි විරෝධාතවක නියැලුණහ. කෝවිඩි 19 රෝගය පැතිරිමත් සමගම හලාවත වැල්ල ධීවර ගම්මානය හා හලාවත පොදු වෙළද පලවල් වසා දැමීම නිසා මත්ස්‍යය ව්‍යාපාරිකයින් පිරිසක් විසින් වෙනත් ප්‍රදේශයන්හි සිටි ගෙනනු ලබන මාළු මල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස තබා ගෙන සෞඛ්‍ය නිති රිති වලට පටහැනිව අලෙවි කිරිම ආරම්භ කරළ අතර මෙම වෙළදාම නිසා දෛනිකව විශාල පිරිසක් එම මග දෙපස පැමිණ මාළු මිළ දි ගැනීමට පුරුදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ වගකිව යුතු කිසිම නිලධාරියෙකුගේ අවධානය යොමුවි නොමැති බැවින් කොරෝනා වසන්ගතයට තමන්ට මිහුණ පෑමට සිදුවිය හැකි බව පෙන්වා දෙමින් ප්‍රදේශවාසින් පිරිසක් මෙම ඊට විරෝධය පල කරමින් සටන් පාඨ කියනු දක්නට ලැබුණි. මෙම වෙළෙදුන්ට නිසි ස්ථානයක් ලබා දි තම නිවාස අසලින් ඔවුන් ඉවත් කරණ ලෙසත් විරෝධතාකරුවන් වගකිව යුතු අංශ වෙතින් ඉල්ලා සිටියහ. mal 6 mal 9 07 (1)  mal 4 mal 8


 ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article