spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත – කුරුණෑගල මාර්ගයේ දී යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Must read

77066-road-accidentපසුගිය 26 වනදා සවස 6.40 ට පමණ හලාවත – කුරුණෑගල මාර්ගයේ සොහොන් කාලි දේවාලය ආසන්නයේදී සිදුවී ඇති යතුරු පැදි අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත. අනතුරින් මිය ගොස් ඇති අය කව්රුන්ද යන්න හදුනා ගෙන නොමැති බව පොලීසිය කියයි.

කුරුණෑගල දෙස සිට හලාවත දෙසට ධාවනය වූ යතුරු පැදියක එම මාර්ගය හරහා ගමන් කරමින් සිටි අයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් මාර්ගය හරහා ගමන් කළ පදිකයා සහ යතුරු පැදිකරුද තුවාල ලබා ඇත.තුවාල ලබා සිටි දෙදෙනාවම ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ පදිකයා රාත්‍රී 11.20 ට පමණ මිය ගොස් ඇත. යතුරු පැදිය පැදවූ බව කියන විජය කුමාරගේ නිශාන් සංදීප(අවු:21) යන අය හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article