ෙලාවත – දැදුරුඔය මෝය ආශ්‍රිතව ඉදිකර ඇති සියළුම ඉදිකිරීම් වහාම ඉවත් කරණ ලෙස හලාවත මහේස්ත්‍රාත්වරයා පසුගියදා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝගය අනුව අද එම ඉදිකිරීම් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ඉවත්කිරීම සිදුකරන කරන ලදී. මෙම අවස්ථාවට ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල නිලධාරීන් සහභාගී වී සිටියහ. නිවෙස් වල පදිංචිකරුවන් සිය නිවෙස් වලින් ඉවත්වී ඉවත්කිරීම් සදහා ඉඩ ලබාදෙන ලදී.








