උප නගරාධිපති තේරීම ඊයේ (20) පැවැත්විණි. මෙහිදී නගරාධිපතිවරයා පත්කිරීම වෙනුවෙන් රහස් ඡන්දයකට යෑමට වයඹ පළාත් කොමසාරිස්වරිය තීරණය කිරීමත් සමග සභාවේ දැඩි විරෝධයක් මතුවූ අතර විරෝධය මධ්‍යයේ රහස් ඡන්දය පැවැත්විණි. කෙසේ වුවත් ඡන්ද 10 ක් ලබාගනිමින් ජාතික ජන බලවේගය නියෝජය කළ සුමේධ නිකලස් පෙරේරා මහතා සභාපති ලෙස තේරිපත්වූ අතර උප සභාපති ලෙස නීතිඥ හිලරි ප්‍රසන්න මහතා පත්වී තිබේ. මෙම රහස් ඡන්දය පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජනතාව ඡන්දය ලබාදී මන්ත්‍රීවරු පත්කර ඇති අතර ඒම තීරණයට පටහැනනිව රහස් ඡන්දයකින් ජනතා කැමත්ත වෙනස් කර ඇති බව විපක්ෂයේ සාමාජිකයින් විසින් චෝදනා කරන ලදී.








