spot_img
Friday, March 6, 2026
spot_img

ළමුන්ගේ ළමා කාලය ඔවුන්ට ලබා දීමට රජය කැපවී සිටින්නෙමු – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Must read

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්්‍ය හරිනි අමරසූරිය විසින් සුබපැතුම් පිරිනමා ඇත.
“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනනට ” යන්න තේමා කර ගනිමින්  සමරන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ලෙස සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි. රටක ජීවය වන්නේ  දරුවන් ය. ඔවුන්‍ට පරිපූර්ණ  ළමා ලෝකයක් ගොඩනැගීම අපේ කාර්‍යභාරයයි. 

 ජනගහනයෙන් 31% කට ආසන්න ළමා පරපුරක් හිමි රටක් ලෙස දරුවන් වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් රජය වෙත පැවරී තිබේ.

එකී වගකීම මැනවින් අවබෝධ කරගත් අප රජය ” සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” වෙනුවෙන්  දරුවන්ගේ සුරක්ෂාවට අවැසි දේ සමීප කරමින් ළමයින්ගේ ළමා කාලය ඔවුන්ට ලබා දීමට කැපවී සිටින්නෙමු. 

දරුවන් කුමන පසුබිමක, කුමන තත්ත්වයක් යටතේ ජීවත් වුව ද  “සියලුම දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරමින් ”  කිසිඳු දරුවකු අත නොහැර,  ආර්ථික, සමාජයීය සහ මානසිකව සුරක්ෂිත මෙන්ම  දරුවන්ට හිතකාමී  පරිසරයක ජීවත් වීමේ අවස්ථාව උදාකර දෙමින්  ඔවුන් දැනුමෙන් පරිපූර්ණ කිරීමේ කාර්යය රජය දැනටමත් ආරම්භ කර ඇත්තෙමු.

නිදහස් හා සාමකාමී පරිසරයක ජීවත් වන සහකම්පනයෙන්  පිරි දරුවකු බිහි කිරීම වත්මන් රජයේ  බලාපොරොත්තුවයි.  එහිදී ළමා ශ්‍රම සුරාකෑම, ළමා හිංසනය, අහිතකර පීඩනය, ආතතිය නැති කිරීම වෙනුවෙන් ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කරමි. 

අදට යෙදෙන  ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් සියලු  වැඩිහිටි ප්‍රජාවට නීරෝගී සුවය හා ආරක්ෂාව ප්‍රාර්ථනා  කරමි.  අපේ රටේ ජ්‍යේෂ්ඨ  පුරවැසියන්ගේ ආරක්ෂාව , මානසික යහපැවැත්ම සහ සෞඛ්‍ය පිළිබඳව වග වෙමින් ඔවුනට ගෞරවනීය  සමාජ ජීවිතයක් ගත කිරීම උදෙසා අවශ්‍ය වටපිටාව රජය  ගොඩනගමින් සිටින බව මම සිහිපත් කරමි.

 වැඩිහිටියන්ගේ ආර්ථික සුරක්ෂාව මෙන්ම ඔවුන් රැකබලාගැනීමේ කටයුතු සිදුකරන දරුවන් සහ ආයතන වෙත ශක්තියක් වීම මෙන්ම රැකවරණය අවැසි වැඩිහිටියන් වෙනුවෙන් රැකවරණ  සැපයීමේ වගකීම වෙනුවෙන් මූලික වීම රජය ලෙස අපගේ වගකීමයි. 

 දරුවන්ට  පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන්  අපි උපරිමයෙන් කැපවෙන්නෙමු. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article