අලි මිනිස් ගැටළුවේ ප්‍රධාන හේතුවක් වන, වසර ගණනක් පුරා ලංකාවේ අලි ජීවත්වු වනාන්තර බිම් සීමාවීමත්, ආහාර හිඟවිමත් යන කාරණා සැලකිල්ලට ගනිමින් වර්තමාන රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වු තබ්බෝව ආයෙත් අලින්ට වැඩසටහන පසුගිය ඔක්තෝබර් 10,11,12 යන දිනයන්හිදී තබ්බෝව රක්ෂිතයේදී ක්‍රියාත්මක විය. වැව් තාවුල්ල පුරාම වැවී ඇති ජපන් ජබර ඉවත්කිරීම ශ්‍රමදානයක් මඟින් සිදුකිරීම මෙම වැඩසටහන තුළින් සිදුකෙරුණි. මෙම ශ්‍රමදානයට රජයේ නියෝජිතයින්, නිලධාරීන් පරිසර සංවිධාන, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව,මෙන්ම යෞවන සමාජ සහ බොහෝ පුරවැසියන්ද සහභාගී වුහ. පුත්තලම් දිස්ත්‍රික්කයේ විවිධ පළාත් වල ක්‍රියාකාරීන් ද මෙම ශ්‍රමදානයට සහභාගී විය.
තබ්බෝව වැව් තාවුල්ල තෘණ ශාක වැඩීම මෙම ජපන් ජබර ඉවත්කිරීමේ ප්‍රධාන අරමුණ විය. එවිට අලින් තෘණ කන්නට වැව්තාවුල්ලට පැමිණීම බලාපොරොත්තුවයි. මෙම යෝජනාව වසර ගණනාවක් පුරා අලි – මිනිස් ගැටළුවට එක් විසදුමක් ලෙස පරිසරවේදීන්,පරිසර සංවිධාන ඇතළු තවත් බොහොදෙනෙකු විසින් පැවති රජයන් වෙත කරන ලද ඉල්ලීමකි.















