සෑම වසරකම ජූලි මස තුන් වන දින ලෝක මුහුදු පක්ශී දිනය වශයෙන් නම්කොට තිබේ.
මේ වසරේ මෙම දිනය සමරනු ලබන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව හමුවන මුහුදු පක්ශීන්ට යලිත් වරක් අභියෝගයක් පැමින තිබෙන වලවානුවක වේ.එයට හේතුව වන්නේ ඉන් දියාවේ කේරල පාන්තයට ඔබ්බෙන් ගිලීගිය නෞකාවෙන් පිටතට ගොස් තිබෙන ප්ලාස්ටික් කැටිති සහ අපද්‍රව්‍ය මෙරට උතුරු,වයඹ,බස්නාහිර සහ දකුනු පලාත්වල වෙරලට පැමින තිබෙන සහ අපට නොපෙනුනත් විශ රසයනික ද්‍රව්‍යයන් පවා පැමින තිබෙන්නට ඉඩතිබෙන සහ තවත් හානිකර ද්‍රව්‍යයන් ඉදිරියේදීත් පැමිනීමට ඉඩ තිබෙන තත්වයන් යටතේදීය
මේ කාලය මන්නාරම දිස්ත්‍රික්කයේ තිබෙන ආදම්ගේ පාලම සමුද්‍රිය ජාතික උද්‍යනය තුල තිබෙන දූපත් තුල මුහුදු පක්ශීන් බෝවීම සිදුකරන අවධියයි.මීට අමතරව අම් බලන් ගොඩ-හික්කඩුව අභය භූමියේ ගෙඳවානා ගල නම් ගල්පර කොදෙව්වේ මහ මුහුදු ලිහිනින් සහ රෝස මුහුදු ලිහිනියාත් බෝවන කාලය වේ.
ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානය තුල මුහුදු ලිහිනි විශේශ එකොලහක් බෝවේ.මේ අතුරින් විශේශ නවයක් ජාතික රතු දත්ත ලේඛනය අනුව වඳවීයාමේ තර්ජනයට ඉතා දැඩිව මුහුන දී තිබෙන හෙවත් වඳවීයාමට අත්යාසන්න තත්වයේ පසුවන කුඩා ගහනයන්ට අයත් වේ.වඳවීයාමට අත්යාසන්න තත්වයේ පසුවන මුහුදු ලිහිනින් විශේශ නවය අතරට මෙරට එකම ගිම්හාන ඍතු සංක්ර මනිකයා ලෙසත් සැලකෙන මෙරටේ බෝවන රෝස මුහුදු ලිහිනියාත්(Roseate Tern),සංක්රමනික ගහනයට අමතරව මෙරට තුල සුලු නේවාසික ගහනයන් සහිත මුහුදු ලිහිනි විශේශ අටක්ද වෙති.
මෙම මුහුදු ලිහිනි විශේශ අට වන්නේ තුඩ ලොකු මුහුදු ලිහිනියා(Gull-billed Tern),හීන් මුහුදු ලිහිනියා (Saunder’s Tern),ලොව විශාලතම මුහුදු ලිහිනි විශේශය වන කැස්පියානු මුහුදු ලිහිනියා(Caspian Tern)(දෙවන රූපය–චිත්‍රයක්) ,දුඹුරු නිදි ලිහිනියා(Brown Noddy),හීන් නිදි ලිහිනියා (Lesser Noddy) ,දැලි මුහුදු ලිහිනියා(Sooty Tern),දුඹුරැ මුහුදු ලිහිනියා (Brown-winged/Bridled Tern),අලු මුහුදු ලිහිනියාත්(Common Tern) වේ.
මේ හැර මහ කොන් ඩ මුහුදු ලිහිනියා (Large Crested Tern)(තෙවන ඡායාරූපය) සහ හීන් මුහුදු ලිහිනියාත් (Little Tern) වේ.
එමෙන්ම මේ කාලයේ මෙන්ම සැප්තැඹර් තෙක් ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුනු මුහුදු තීරයට ඔබ්බෙන් දුඹුරු මුහුදු ලිහිනියාගේ (Bridled Tern)(හතරවන රූපය-චිත්‍රයක්) සහ දැලි මුහුදු ලිහිනියාගේ(Sooty Tern) (පස්වන රූපය-චිත්‍රයක්) විශාල සංඛ්‍යාවලින් සිදුවන පර්‍යටනයකුත් සිදුවේ.
මේ හැර සෑම වසරකම මැයි මස සිට සැප්තැම් බර් මාසය තෙක් Skuas,Shearwaters, Petrals,Tropicbirds යන පක්ශී කාඬ වලට අයත් විශේශයන් ශ්‍රී ලංකා මුහුදේදී හමුවේ.
මෙම අපද්‍රව්‍ය අතරේ තිබෙන්නේ මොනවාද යන්න නිශ්චිත නැතත් ඒවා විශේශයෙන්ම බෝවෙන පක්ශීන්ට සහ කුඩා පැටවුන්ට අහිතකර ලෙස බලපෑමේ අනතුර බැහැර කල්;අ නොහැක්කකි.තවද ප්ලාස්ටික් කැටිති ආහාර ලෙස වරදවා ගිල දැමීම නිසාත් මුහුදු පක්ශීන්ට විවිධ හානි සිදුවීමට විශාල ඉඩකඩක් තිබේ.
මේ සියලු කරුනු සලකා බලන කල ශ්‍රී ලංකාවේ බෝවන මෙන්ම මෙරට උතුරු,බස්නාහිර සහ දකුනු පලාත්වල වෙරල තීරයට ඔබ්බේ සැරිසරන සහ බෝවීමේ යෙදෙන මුහුදු පක්ශීන්ට මුහුනදීමට සිදුවන සහ සිදුවිය හැකි හානිකර තත්වයන් පිලිඹඳව නිරතුරු සැලකිල්ලෙන් පසුවීම අත්‍යාවශ වන්නකි.
මෙසේ සුපරීක්ශනය්න් කටයුතු කිරීම අද දිනයට හෝ මෙම කාල සීමාවට හෝ සීමා නොවන සහ මෙම නැවේ අපද්‍රව්‍ය එනතුරු සහ ඉන් පසුවත් කිසියම් කාලයක් දක්වා පවත්වා ගෙන යා යුත්තක් වේ.
උපුටා ගැනීම – පරිසරවේදී,නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ මුහුණු පොතෙනි.





All reactions:







