ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ ක්‍රියාත්මක වන පාසල් අවට බස් නැවතුම්පොළ නවීකරණය හා අලුතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ දංකොටුව බාලිකා පාසල අසල නව මාදලියේ බස් නැවතුම්පොළක් අද පෙරවරුවේදී (22) විවෘත කරන ලදී. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා , වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රී ගැමුණු සංජය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම බස්නැවතුම්පොළ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වන අතර ජංගම දුරකථන ආරෝපණ ,රාත්‍රි අලෝකය,දින සහා වේලාව ,සූර්ය බලය මගින් පූර්ණ ක්‍රියාත්මක විමට නියමිත වන අතර මගින්ට මෙම බස්නැවතුම්පොළ ඉතා ප්‍රෙයා්ජනවත් නැවතුම්පොළක් වනු ඇත. මෙම බස්නැවතුම්පොළ ඉදිකිරීමට ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රහය ලබාගෙන ඇති අතර ඉදිරියේදී මෙවැනි බස්නැවතුම්පොළවල් කීපයක්ම වෙන්නප්පුව ප්‍රෙද්ශයේ ඉදිවීමට නියමිතය.









