spot_img
Friday, March 6, 2026
spot_img

නෞකා අනතුරකදී ක්ෂණිකව ක්‍රියාත්මක වීම නාවික හමුදාවේ වගකීමක් – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

Must read

ඊයේ (4) උදෑසන සිදු වූ ඉරාන යුද නෞකා අනතුරෙන් දිවි ගළවා ගත් පුද්ගලයන් 32ක් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවත් එම ස්ථානයේ තවදුරටත් ගුවන් හමුදාව , වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ (04) වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම අනතුර සිදු ව ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මුහුදු කලාපයට ඔබ්බෙන් වුවද ශ්‍රී ලංකාවට අයත් සෙවීම් හා මුදවා ගැනීමේ කලාපයේ බැවින් සමුද්‍රීය සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙන ඒ මහතා අනතුරක් සිදු වූ බවට ලද පණිවිඩයකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වී සෝදිසි මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කළ බවත් හෙතෙම සඳහන් කළේය.
තවද මෙම අනතුර සිදු වූ ප්‍රදේශය ආශ්‍රිතව මළ සිරුරු කිහිපයක් සොයා ගත් බවත් ඒවා මෙම නෞකාවේ සේවකයන් බවට සැක කරන බවත් හෙතෙම වැඩිදුරත් පැවසීය.ඒ සම්බන්ධව තහවුරු කළ හැක්කේ පසුව සිදු කෙරෙන පරීක්ෂණවලින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම යුද නෞකාව අනතුරුට පත් ව ඇත්තේ සබ්මැරීන් ප්‍රහාරයකට ලක් වීමෙන් බවට පළ වන තොරතුරු ප්‍රතික්ෂේප කරන බව පවසන ඒ මහතා අනතුර සිදු වු ආකාරය පසුව සිදු කෙරෙන විමර්ශනවලින් අනාවරණය කර ගත හැකි බවද සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article