spot_img
Friday, March 6, 2026
spot_img

මාරවිල නිවසක් කොල්ලකෑ සැකකරුවන් පසුපස පොලිස් විමර්ශන

Must read

නිවසක් බිද රුපියල් 6,80,000 ක් වටිනා මුදල් සහ දේපල සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.

විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු වන නාත්තන්ඩිය පහල තබ්බෝව පදිංචිකරුවෙකු වන වික්‍රමසිංහ සේනානායක අප්පුහාමිලාගේ කිත්සිරි උපුල් සේනානායක (අවු:60)යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇත.

තමන් පවුලේ අය සමග ඉකුත් 01 වැනිදා පෙරවරු 6.00 ට පමණ කරතගම වන්දනාවේ ගොස් 02 වැනිදා රාත්‍රී 10.15 ට පමණ නිවසට පැමිණි බවත්,එම කාලය තුළ සොරකම සිදුවී ඇති බවත් පැමිණිළිකරු පොලීසියට පවසා ඇත.

නිවසේ අල්මාරියක තිබූ රුපියල් 6,50,00 ක් වටිනා රන් ආභරණද,නිවසේ බුදු පිළිමය අසල තිබූ රුපියල් 10,000 ක් සහ කාමරයක අල්මාරියේ තිබූ රුපියල් 20,000 ක මුදලක්ද කොල්ලකරුවන් විසින් රැගෙන ගොස් ඇති බවද පැමිණිළිකරු පොලීසියට පවසා ඇත. පැමිණිළිකරුගේ නිවසේ ජනේලයක් කඩා ඇතුළු වී ඇති අයෙකු විසින් මෙම සොරකම සිදු කරන්නට ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article