spot_img
Tuesday, March 10, 2026
spot_img

ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල ඇ.ඩොලර් 100 දක්වා ඉහළට

Must read

ඉරාන යුද අර්බු­දය සහ මැද­පෙ­ර­දිග ප්‍රහාර හේතු­වෙන් ලෝක වෙළෙ­ඳ­පොළේ බොර­තෙල් බැර­ල­යක මිල ඊයේ (9) අමෙ­රි­කානු ඩොලර් 100 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ උදෑ­සන වන­විට ලෝක වෙළෙ­ඳ­පොළේ බ්‍රෙන්ට් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 119.50 දක්වා සහ ටෙක්සාස් දර්ශ­කයේ බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 107 දක්වා ඉහළ ගිය අතර, බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇත්තේ කොවිඩ් වසං­ග­ත­යෙන් පසු පළ­මු­ව­රට බව ද වාර්තා වේ.

මේ තත්ත්වය හමුවේ ලෝක ආර්ථි­කය බිඳ වැටීමේ අව­දා­න­මක් මතුවී ඇති අතර, දිනෙන් දින ඉහළ යමින් පව­තින බොර­තෙල් මිල පාල­නය කිරීම සඳහා මිලි­යන ගණ­නා­වක බොර­තෙල් සංචි­ත­යක් වෙළෙ­ඳ­පො­ළට මුදා හැරීම සම්බ­න්ධව හදිසි සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට ජී7 රට­වල මුදල් ඇමැ­ති­වරු තීර­ණය කර ඇතැයි වාර්තා වේ.

ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සියේ සම්බ­න්ධි­ක­ර­ණය යටතේ සහ ප්‍රංශයේ සත්කා­ර­ක­ත්වය යටතේ වීඩියෝ තාක්ෂ­ණය ඔස්සේ ඊයේ පස්ව­රුවේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ එම රැස්වීමේ දී හදිසි අව­ශ්‍ය­තාව මත බැරල් මිලි­යන 300 සිට 400 දක්වා බොර­තෙල් සංචි­ත­යක් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරීම සම්බ­න්ධව එහි දී සලකා බැලී­මට නිය­මි­තව තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ජාත්‍ය­න්තර බල­ශක්ති ඒජ­න්සියේ සාමා­ජි­ක­ත්වය දරන රට­වල් 32ක් හදිසි තෙල් අර්බු­ද­යක දී භාවි­ත­යට ගැනීම සඳහා අති­වි­ශාල බොර­තෙල් සංචි­ත­යක් ගොඩ­නඟා ඇති බවත්, මුදල් අමා­ත්‍ය­ව­රුන්ගේ එක­ඟ­තාව අනුව එම සංචි­ත­යෙන් බොර­තෙල් බැරල් මිලි­යන 400ක් ඒකා­බ­ද්ධව වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට හැකි­යාව ලැබෙනු ඇතැයි විශ්වා­සය පළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ලොව ප්‍රබ­ල­තම ආර්ථි­ක­යට හිමි­කම් කියන ජී7 සංවි­ධා­නයේ මුදල් ඇමැ­ති­වරු එම රැස්වීම සම්බ­න්ධව නිවේ­ද­නය කිරී­මත් සමඟ ඊයේ පස්ව­රුව වන විට ලෝක වෙළෙ­ඳ­පොළේ බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 104.80 දක්වා සහ ටෙක්සාස් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 102 දක්වා පහත වැටුණු බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ෆවුස් මොහො­මඩ් ( දිණමින )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article