ඉන්ධන නිකුත් කිරීමේදී QR කේත නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් 17 වැනිදා පෙරවරුවේ හලාවත සහ ඒ අවට පිරවුම් හල් වල නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණි. ඇතැම් ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව යතුරු පැදි, ත්‍රී රෝද රථ මෙන්ම වාහන පොලීම්ද දක්නට තිබුණි. එම තත්ත්වය නිසා ඉන්ධන ලබා ගැනීමට පැමි පාරිභෝගිකයින් සහ පිරවුම්හල සේවකයින් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගත්තේය.
තත්ත්වය පාලනය කිරීම සදහා ඇතැම් පිරවුම්හල් වලට පොලීසියද කැදවා තිබුණි.







