දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ බිදී ගිය හලාවත – තොඩුවාව පාලම ඉදිකිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම 18 වැනිදා පෙරවරුවේදී සිදු කරන ලදි.
ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා ,රාජය පරිපාලන අමාතය ආචාර්ය චන්දන අබේරත්න , පා.මන්ත්‍රී අජිත් ගිහාන් යන මහත්වරුන් සහ ඉන්දීය හමුදාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටිවේයපාලවේ පාදම කටයුතු ඉදිකිරීම සදහා ලංකා රජය විසින් රුපියල් මිලියන 70 ක මුදලක් වැය කර තිබුණි.පාලම සදහා වන යකඩ වකාටස් ඉන්දීය රජය විසින් පරිත්‍යාග කර තිබූ අතර,එම ඉදිකිරීේ කටයුතු සිදු කරන ලද්වද් ඉන්දීය යුධ හමුදාවේ ඉංජිවන්රු බලකාය විසිනි.

ඡායාරූප – ජුඩ් සමන්ත







