spot_img
Thursday, March 19, 2026
spot_img

වෙන්නප්පුව සහ නාත්තන්ඩියේ කුඩු ජාවාරම් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Must read

වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වල මත් කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකුව තුම්මෝදර සහ තිල්ලවල ප්‍රදේශ වලදී, ලුණුවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 18 වැනිදා  මෙම වැටලීම් සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවෙකුව සතුව අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 45 මිලි ග්‍රෑම් 650 ක් සහ හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 22 යි මිලි ග්‍රෑම් 300 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

අනෙක් සැකකරු සතුව තිබී අයිස් ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 360 ක්,මත් ද්‍රව්‍ය අලවි කිරීම සදහා භාවිතා කළ ජංගම දුරකතන 02 ක්,විද්‍යුත් තරාදි 01 ක්,මත් කුඩු ඇසිරීම සදහා යොදා ගන්නා පොලිතින් බණ්ඩලයක් සහ ජාවාරම සදහා යොදා ගන්නා යතුරු පැදියක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article