spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ගල් අඟුරු ප්‍රශ්නය නිසා ඇතිවන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකෙරේ

Must read

විදුලි ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඒකමතික තීරණයක් ගෙන තිබේ. විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනු ලබන්නේ විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීරණවලදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවූ අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බව ද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එමෙන්ම ඉදිරි විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුළත් නොකිරීමට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article