මුදල් අමාත්‍යාංශය අනුබද්ධ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන රංග රාජපක්ෂ මහතා අද උදෑසන (30) කුලියපිටිය පිහිටි සිය නිවස පිටුපසදී මියගොස් ඇති අතර මෙම මරණ්‍ය සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය සැක පළකර තිබේ.
සහකාර අධ්‍යක්ෂකවරයෙකු වන රංග රාජපක්ෂ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටිනු ලදී.







