ධීවර කටයුතු සදහා ඊයේ දහවල් (12) උඩප්පුව කලපුවට ගිය ධීවරයෙකු දියේ ගීලී මරණයට පත්ව තිබේ. 12 වෙනිදා පෙරවරුවේ මසුන් මැරීමට කලපුවට ගොස් සිටියදී ඔහු මෙම අවසානාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ. මිය ගොස් ඇත්තේ උඩප්පුව – පෙරියපාඩුව පදිංචිව සිටි රන්සිත් කුමාරලිංගම් (අවු:22) නම් අයෙකි. සවස් කාලයේදී කලපුවේ ඔහුගේ සිරුර පාවෙමින් තිබි ඇති අතර,පවුලේ සාමාජිකයින් විසින් ඔහුගේ සිරුර හදුනාගෙන තිබේ. ධීවරයාගේ සිරුර මේවනවිට පරීක්ෂන සදහා පුත්තලම රෝහල වෙත යවා තිබේ.
උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කරගෙන යයි.







