වැසි ජලය බැස නොයාම හේතුවෙන් වසා දමා තිබූ හලාවත මහා රෝහලේ වාට්ටු දෙක නැවත රෝගීන් සදහා විවෘත කර ඇති බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා සදහන් කරයි. 22 වැනිදා අළුයම පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාම නිසා හලාවත මහා රෝහලේ 4 සහ 5 වාට්ටු වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ව වෙනත් වාට්ටු වලට මාරු කර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කරන ලදි. එම වාට්ටු වල තිබූ වෛද්‍ය උපකරණ සහ සෙසු දේපල වැසි ජලයෙන් බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගන්නා ආකාරයද දක්නට තිබුණි.
22 සවස සහ 23 වැනිදා රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාට්ටු පිරිසිදු කිරීමෙන් අනතුරුව රෝගීන් නැවත නේවාසික කිරීමට කටයුතු කර ඇත.
ඡායාරූප – ජුඩ් සමන්ත









