spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දඩ මස් ගිලින්න කැලේට රිංගූ මස් වැද්දන්ට හිරබත් ගිලින්න වෙයි. (VIDEO)

Must read

මාතලේ ප‍්‍රදේශයේ සිට කහල්ල පල්ලෙකැලේ රක්‍ෂිතයට පැමිණ වන සතුන් දඩයම් කිරීමේ යෙදී සිටි බව කියන දඩයක්කරුවන් තිදෙනෙකු ඔවුන් විසින් මරා දැමූ වන සතුන් දෙදෙනකුගේ සිරුරුද සමග පෙරේදා (04 දා ) අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි.

මරා දැමූ මුව පැටවෙකුගේ සහ වැඩුණු මීමින්නකුගේ සිරුරු දෙකක් සමග මෙලෙස අත්අඩංගුවට ගැණුනේ ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙම පුද්ගලයින් සන්තකයේ තිබූ තුවක්කුවක්, පතරොම් තොගයක්, පිහි දෙකක්, විදුලි පන්දම් තුනක් සහ බැටරි, කැටපෝලයක් සහ ඔවුන් පැමිණි බව කියන ත‍්‍රිරෝද රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාපාර කටයුතු සදහා පැමිණෙන බව හගවමින් කාලයක් තිස්සේ මෙම ප‍්‍රදේශයට පැමිණ ඇති මෙම සැකකරුවන් පිරිස සතුන් දඩයමේ යෙදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොල්පිතිගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතා පැවසීය.

යාපහුව බණ්ඩාර හේරත්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article