spot_img
Friday, March 6, 2026
spot_img

දයාසිරිගෙන් නොක්කාඩුවක්

Must read

 

මම දන්නෙත් නෑ ගිය සතියේ අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීතුමා නාරම්මල මයුරපාදෙට ඇවිල්ලා . මගේ ඉස්කොලේට. ඇවිල්ලා ඒකේ හදලා තිබුණු මහින්දෝදය විද්‍යාගාරේ විවෘත කරලා ගිහිල්ලා. මහින්දෝදය කෑල්ල ගලවලා විද්‍යාගාරේ විවෘත කරලා.
මොකක්ද මේ කරන වැඩේ තේරුම ? මුලදී නම් කිව්වේ අනාගතේ නම් දාන්නේ නෑ කියලා.  හැබැයි දැන් තියෙන ඒවත් ගලවනවා.
මේ වැඩවලින් මොනවද මේ ගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ? මේ රටට මහින්දෝදය විද්‍යාගාර හැදුවේ මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමා. මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ ? එයාලටත් එහෙම එකක් ඕනෑ නම් එකක් හදාගෙන ඕන එකක් ගහගන්න. අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ තියෙන නම් මකන්න එපා. මේක පුදුම විහිලුවක් වෙලා තියෙන්නේ. මේ කරන වැඩ තුළ එයාලට ඉදිරියේදී අත්වෙන  ඉරණම බොහෝම පැහැදිලියි.
වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙලෙස නෝක්කාඩු කීවේ පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදීය.

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article