වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට (19) සිට ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකල බැවින් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹී ඇති බව නිරික්ෂණ වන බවද එම නිවේදනයේ සදහන් වේ.
වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේ දී, වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛන වලින් එකක් ඉදිරිපත් කරන ලෙසද ජනතාවගෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.







