ඉරාන නාවික හමුදාවට අයත් යාත්‍රාවක් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ‘අනතුරට’ ලක්ව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ නෞකාවේ 180 දෙනෙකු පමණ සිට ඇති බවත් 30 දෙනෙකු ‘දැඩි තුවාල’ ලබා ඇති බවත් ය. නෞකාවේ සිටි තුවාල ලැබූ 32 දෙනෙකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්යක්ෂවරයා බීබීසීයට පැවසීය.
ඉන්දියන් සාගරයේදී ඉරාන යුද නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ බව එක්සත් ජනපද ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මීට සුළු මොහොතකට පෙර පෙන්ටගනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පැවසුවා.
“ඇත්තට ම ඊයේ, ඉන්දියන් සාගරයේදී, ඇමෙරිකානු සබ්මැරීනයක් ජාත්‍යන්තර ජල තීරයේදී ඔවුන් ආරක්ෂිත යැයි සිතා සිටි; ඉරාන යුද නැවක් ගිල්වා දැමුවා. ඒ වෙනුවට අපි ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා. නිහඬ මරණයක්. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව,” ඔහු එහිදී පැවසුවා.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක් වූ නෞකාව කුමක් ද යන්න සම්බන්ධයෙන් ඔහු එහිදී සඳහන් කළේ නැහැ.
“දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව” බවට ඔහු කළ ප්‍රකාශය නිවැරදි නොවේ.
1982 ෆෝක්ලන්ඩ් යුද්ධයේදී, ආර්ජන්ටිනාවේ එක ම කෲස් නෞකාව වන ජෙනරල් බෙල්ග්‍රානෝ, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් එල්ල කළ ටයිගර්ෆිෂ් ටෝපිඩෝ දෙකකට හසුවීමෙන් පසු දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියා. 1971දී තවත් ගිලී යාමක් සිදු වුණා.
ඉන්දියානු යුද්ධ නෞකාවක් වන INS කුක්රි පාකිස්ථාන සබ්මැරීනයක් විසින් ටෝපිඩෝවකින් ගිල්වා දමනු ලැබුවා. කෙසේ වෙතත්, ඉරාන යුද නෞකාව ගිල්වා දැමීම 1945න් පසු ඇමෙරිකානු සබ්මැරීනයක් මේ ආකාරයෙන් සතුරු නැවක් ගිල්වා දැමූ පළමු අවස්ථාව වෙනවා
උපුටාගැනීම – https://www.bbc.com/sinhala







