spot_img
Saturday, March 7, 2026
spot_img

ඊළග පියවර ?

Must read

upfarally00 copyජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරුවලින් ඉවත් කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා සමග බැරූරෑම් සාකච්ඡාවක යෙදී සිටින අයුරු දැකගත හැකි වූයේ ඊයේ ( 14 දා) පස්වරුවේ කුරුණෑගල මාළිගාපිටියේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් මහා රැළියේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් එම ධුරවල තවදුරටත් කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝග දෙකක් කොළඹ දිසා අධිකරණය ඊයේ (14) නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 13 දින එම තනතුරුවලට පත්කරනු ලැබ ඇති දුමින්ද දිසානායක හා විශ්වා වර්ණපාල මහත්වරුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් තවත් වාරණ නියෝග දෙකක් ද නිකුත් කළේය.

අදාළ සිදුවීමෙන් පසුව සුසිල්, අනුර යාපා සහ මහින්ද මුහුණට මුහුණ මුණගැසුණු පළමු අවස්ථාව මෙය වූ අතර තිදෙනාගේ සාකච්ඡාව ඊළග පියවර ගැන වන්නට බොහෝදුරට ඉඩ තිබේ.

ඡායාරූපය
නිරෝෂන් ජයතිස්ස

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article