spot_img
Saturday, March 7, 2026
spot_img

උපාධිධාරී පිරිසක් කුරුණෑගල නගරය මැද සත්‍යග්‍රහයක !

Must read

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් වහා සකස් කරන ලෙසට සහ දැනට රැකියා නොමැතිව සිටින උපාධිධාරීන් සියඵ දෙනා ඔවුන්ගේ සුදුසුකම් අනුව රැකියාගත කරන ලෙසට බලකරමින් කුරුණෑගල ධර්මපාල උද්‍යානය අසලදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරිණි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරුණු මෙම සත්‍යග්‍රහය සදහා වාඩිවීමට පෙර දහසකට ආසන්න උපාධිධාරීහු පිරිසක් කුරුණෑගල නගරය වටා විරෝධතා පා ගමනක යෙදුණහ.

වගකිවයුතු බලධාරියෙකු පැමිණ තමන්ට පිළිගත හැකි විසදුමක් ලබාදෙන තෙක් තමන් මෙම සත්‍යග්‍රහය අඛණ්ඩවම පවත්වාගෙන යන බව කියන උපාධිධාරීහු මේ වන විට කුරුණෑගල ධර්මපාල උද්‍යානය ඉදිරිපිට තැනූ තාවකාලික අට්ටාලයක වාඩි වී සිටිති.

rakiya _wirahita4 rakiya _wirahita5 rakiya _wirahita6 rakiya _wirahita7 rakiya _wirahita1 rakiya _wirahita2 rakiya _wirahita3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article