spot_img
Friday, March 6, 2026
spot_img

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් දංකොටුවට නවීන බස්නැවතුම්පලක්

Must read

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ ක්‍රියාත්මක වන පාසල් අවට බස් නැවතුම්පොළ නවීකරණය හා අලුතින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ දංකොටුව බාලිකා පාසල අසල නව මාදලියේ බස් නැවතුම්පොළක් අද පෙරවරුවේදී (22) විවෘත කරන ලදී. මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා , වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රී ගැමුණු සංජය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම බස්නැවතුම්පොළ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වන අතර ජංගම දුරකථන ආරෝපණ ,රාත්‍රි අලෝකය,දින සහා වේලාව ,සූර්‍ය බලය මගින් පූර්ණ ක්‍රියාත්මක විමට නියමිත වන අතර මගින්ට මෙම බස්නැවතුම්පොළ ඉතා ප්‍රෙයා්ජනවත් නැවතුම්පොළක් වනු ඇත. මෙම බස්නැවතුම්පොළ ඉදිකිරීමට ව්‍යාපාරිකයින්ගේ අනුග්‍රහය ලබාගෙන ඇති අතර ඉදිරියේදී මෙවැනි බස්නැවතුම්පොළවල් කීපයක්ම වෙන්නප්පුව ප්‍රෙද්ශයේ ඉදිවීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article